ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

ප‍්‍රාර්ථනා

NSB ප‍්‍රාර්ථනා ඉතිරිකිරීමේ සහතිකය

සිය දරුවන් වෙනුවෙන් වඩා යහපත් හා සුරක්ෂිත අනාගතයක් ප‍්‍රාර්ථනා කරන සියළු දෙනා වෙනුවෙන් සකස් කර තිබේ. උසස් අධ්‍යාපනය වේවා, විදේශ සංචාරයක් වේවා, ඔබගේ දරුවන්ගේ ප‍්‍රාර්ථනා ඉටුකරදෙන්න අදම ප‍්‍රාර්ථනා ඉතුරුම් සහතිකයක ආයෝජනය කරන්න.

ප‍්‍රාර්ථනා ඉතුරුම් සහතිකය

  • දරුවාට වයස අවුරුදු 16 සම්පුර්ණවූ විට ගෙවනු ලබන රු.5,000/-, රු.10,000/- රු.25,000/- රු.50,000/- සහ රු.100,000/- යන වටිනාකම් සහිත වේ.
  • එහි මුහුණත වටිනාකමෙන් කුඩා කොටසක් පමණක් වැය කර එම සහතිකය මිලදී ගත් පසු ඔබගේ දරුවාට වයස අවු.16 පිරුණු පසු එහි සම්පුර්ණ මුහුණත වටිනාකම ඔබේ දරුවාට හිමිවේ.
  • සහතිකය මිලදීගත් පසු පොලී අනුපාත වල සිදුවන වෙනස්කම් අදාළ නොවේ.

ප‍්‍රාර්ථනා සහතික වල වටිනාකම පහත පරිදි වේ.

මිලදී ගැනීමේදී අගය (උපතේදී) වටිනාමක (අවුරුදු 16 දී)
රු. 18,830.00 100,000.00
රු. 9,415.00 50,000.00
රු. 4,708.00 25,000.00
රු. 1,883.00 10,000.00
රු. 942.00 5,000.00
  • 2016.09.01 දිනට පොලී අනුපාත මත පදනම්ව මිලදීගැනීමේ අගය ගණනය කර තිබේ.
  • පොලී අනුපාත වෙනස්වීම් හා දරුවාගේ වයස අනුව සහතිකයේ මිලදීගැනීමේ වටිනාකම වෙනස් විය හැකි වූවද සහතිකයේ මුහුණත වටිනාකම නොවෙනස්ව පවතී.

ප‍්‍රාර්ථනා ඉතුරුම් සහතිකයක ආයෝජනය කිරීම සඳහා ඔබට ළඟම පිහිටි NSB ශාඛාව වෙත පියනගන්න. නැතිනම් 24 පැයේ ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2 379379  අමතා වැඩි විස්තර ලබාගන්න.

100% ක රාජ්‍ය ආරක්ෂාව සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපගේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.

*කොන්දේසි අදාල වේ.

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
බාගත කිරීම් තැන්පතු පොලී අනුපාත ගණනය පොලී අනුපාත
අන්තර්ජාල බැංකු සේවා