ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

ස්ත‍්‍රී

සුවපහසු ජිවිතයක් සෑම කාන්තාවකගේම අපේක්ෂාවක්. ජාතික ඉතිරිකිරීමේ බැංකුව සියළු කාන්තාවන්ට සිය සිහින සෑබෑ කරගැනීම සඳහා කාන්තාවන් වෙනුවෙන්  විශේෂයෙන් සකස් කරන ලද ඉතුරුම් සැලසුමක් වන ස්ත‍්‍රී ඉතිරිකිරීමේ ගිණුම හදුන්වාදී තිබේ. එය ඔබගේ වගකීම් වලට සාර්ථකව උරදෙන අතරතුර වඩා හොඳ හෙට දිනක් උරුමකරගැනීමට අත්වැලක් සපයන ඉතිරිකිරීමේ ක‍්‍රමයකි.

ඉතුරුම් ඇරඹෙන්නේ රුපියලෙන් නොව සතයෙනි. දායාබර සොහොයුරියක, ප‍්‍රියාදර බිරිඳක, ආදරණීය මවක, දැනුමෙන් මුහුකුරාගිය මිත්තණියක, ගෞරවයට පාත‍්‍රවු කාන්තාවක ලෙස ඔබ ගුරුවරියෙක්, හෙදියක්, වෛද්‍යවරියක් ආදි වශයෙන් විවිධ භුමිකා ඉටු කරනු ඇත. ඔබ කවුරුවුවත්  ”සතෙන් සතේ රුපියලෙන් රුපියල ” ඉතුරු කොට ඔබගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ඔබගේ පවුල වෙනුවෙන් මාලිගා තැනීම සඳහා වන ඔබගේ සිහින ”ස්ත‍්‍රී” සමගින් මල්ඵලගැන්වෙනු ඇත.

ඔබගේ සිහින සෑබෑ කරමින්……………..

කාන්තාවක් ලෙස ඔබ ප‍්‍රිය කරන දෑ බොහෝය. සිත්ඇදගන්නා සුළු ආකාරයෙන් සැරසීමට, වටිනා ආභරණ පැළදීමට, අලංකාර නිවසක් පවත්වා ගැනීමට හෝ ඔබගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ඔබ සිහින මවන්නට ඇත. දැන් ඒ සිහින සෑබෑ කරගන්නට ඔබට අවස්ථාව උදාවී තිබේ. එපමණක් නොව ඔබගේ රන් ආභරණ උකස් කර ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සපුරාගැනීමටද දැන් ඔබට හැකියාව ලැබේ.

නව ප‍්‍රතිලාභ

  • විවාහ මංගල්‍යය වෙනුවෙන් රු.10,000/- ක මුදල් ත්‍යාගයක්.
  • දරු උපතකදී රු.50,000/- ක මුහුණත වටිනාකමක් සහිත ප‍්‍රාර්ථනා සහතිකයක්.
  • ATM /මාස්ටර් කාඩ් හෝ වීසා ඩෙබිට් කාඩ්/ ෂොපින්ග් කාඩ්පත් පහසුකම.
  • ප‍්‍රථම උපාධිය සඳහා රු. 1,500/- ක මුදල් ත්‍යාගයක්.
  • 25 වන විවාහ සංවත්සරය සඳහා රු.10,000/- ක මුදල් ත්‍යාගයක්.

*කොන්දේසි සහිතයි

වැඩි විස්තර සඳහා NSB  ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.  ( +94 11 2 379379 )

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
බාගත කිරීම් තැන්පතු පොලී අනුපාත ගණනය පොලී අනුපාත
අන්තර්ජාල බැංකු සේවා