ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

පස් අවුරුදු ගිණුම

ඔබ වෙහෙසවී උපයන මුදල් මාස් පතා අපගේ විශේෂ දිගු කාලීන පස් අවුරුදු ඉතුරුම් ගිණුමේ ඉතිරිකර ආකර්ශණීය පොලී අනුපාත හිමි කරගන්න.

ගිණුමක් විවෘත කළ හැක්කේ කාටද?

  • අවුරුදු 16 ට වැඩි ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුට මෙම ගිණුම විවෘත කර පවත්වාගෙන යාහැක.
  • තනි පුද්ගල, බද්ධ හෝ බාලවයස්කාර ගිණුමක් ලෙස මෙම ගිණුම ආරම්භ කළ හැක.
  • එහෙත් මෙම ගිණුම ආයතනික, අධිකරණ, ආරක්ෂිත සහ භාරකාර ගිණුමක් ලෙස ආරම්භ කළ නොහැක.

මෙම ගිණුම ආරම්භ කර පවත්වාගෙන යා හැක්කේ කෙසේද?

  • රු.1000/, -රු.2000/-, රු.3000/- රු.4000/-,රු.5000/- හෝ රු.1,000/- ගුණාකාර සහිත මාසික තැන්පතුවක් සමගින් මෙම ගිණුම ආරම්භ කළ හැක. ගිණුමට අදාල කාල සීමාව අවුරුදු 5කි. (මාස 60 කි)
  • එකඟවූ පරිදි මාසික තැන්පතු මුදල අතපසු නොකොට සෑම මාසයකම ඕනෑම දිනයක ගිණුමට තැන්පත් කළ යුතුය.
  • පොලිය දෛනිකව ගණනය කර මාස්පතා ගිණුමට බැර කෙරේ.

විශේෂ ප‍්‍රතිලාභ

  • ඔබගේ මාසික තැන්පතු මුදල මත ඔබගේ පොලී අනුපාතය තීරණය කෙරේ. ඉහළ තැන්පතු මුදලක් සඳහා වැඩි පොලී අනුපාතයක් පිරිනැමේ.
  • ඔබගේ සියළු ඉතුරුම් සහ ඒ මත ඉපයෙන පොලිය සඳහා 100% ක රාජ්‍ය ආරක්ෂාව

*කොන්දේසි සහිතයි.

වැඩි විස්තර සඳහා NSB  ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

( +94 11 2 379379 ) 24 පැය සේවාව

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
බාගත කිරීම් තැන්පතු පොලී අනුපාත ගණනය පොලී අනුපාත
අන්තර්ජාල බැංකු සේවා