Happy ඉතිරිකිරීමේ ගිණුම
ඔබට පහසු පරිදි මුදල් ආපසු ලබාගැනීමේ සේවාව අත්විඳින අතරතුර ආකර්ෂණීය පොලී අනුපාතයක් හිමි කරගන්න ඔබ කිසිවිටෙක සිතුවේද? ඔබගේ ඉතුරුම් සඳහා 7.00% ක උපරිමයකට යටත්ව පිරිනැමෙන සිත්ගන්නා සුළු පොලී අනුපාතයක් සමගින් අපි ඔබ සතුටින් තබන්නට හැමවිටම උත්සුක වෙමු.
ඔබගේ ඉතුරුම් සඳහා ලැබෙන සිත්ගන්නා සුළු පොලී අනුපාත
මුදල (රු.) | පොලී අනුපාතය |
---|---|
1,000 – 40,000 | 3.00% |
40,001 – 100,000 | 3.00% |
100,001 – 250,000 | 3.25% |
250,001 – 500,000 | 3.25% |
500,001 – 1,000,000 | 3.25% |
1,000,001 – 1,500,000 | 3.50% |
1,500,001 – 2,000,000 | 3.50% |
2,000,001 ට වැඩි | 3.50% |
මුදල් ආපසු ගැනීමේදී සීමා පනවා තිබේද? නැත. සතුටුදායක ආරංචිය නම් Happy ඉතිරිකිරිමේ ගිණුමෙන් මුදල් ආපසු ගැනීම සීමා කර නොමැතිවීමයි.
ප‍්‍රතිලාභ මොනවාද?
- ATM /මාස්ටර් කාඩ් හෝ වීසා ඩෙබිට් කාඩ්/ෂොපින් කාඩ් පහසුකම්.
- පාස්පොත් වෙනුවට ඔබගේ ගිණුම සඳහා ප‍්‍රකාශයක්.
- තැන්පතුවෙන් 60% ක් දක්වා ඉතුරුම් මත ණය.
Happy ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කළ හැක්කේ කාටද?
අවුරුදු 16 ට වැඩි ඕනෑම ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට Happy ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කළ හැක. ඔබට ළඟම පිහිටි ජාතික ඉතිරිකිරිමේ බැංකු ශාඛාවට පිය නගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න :- NSB ඇමතුම් මධ්‍යස්ථානය (+94 112379379 ) 24 පැය සේවාව
*කොන්දේසි අදාල වේ.