ශ්‍රී ලංකාව තුල හෝ විදේශයකදී උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙන්ම ඔබ තෝරාගත් වෘත්තියකට අදාල සුදුසුකම් සපුරාගැනීම සඳහා NSB බුද්ධි ණය ඔබට උපකාර වේ. NSB බුද්ධි වෙතින් ප්රතිලාභ රැසක් හිමිකරගන්න.
- අසමසම සහන කාලයක්
- වසර 10 ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලයක්
- ආකර්ෂණීය පොලී අනුපාතයක්
NSB බුද්ධි ණය ලබාගත හැක්කේ කාටද?
- වයස අවුරුදු 18 හා 50 දක්වා වන
- දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයක්/ පාසැලක්/ අධ්‍යාපන ආයතනයක හෝ වෙනත් ඕනෑම උසස් අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සඳහා ලියාපදිංචිවූ ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට
- ඔබ රැකියාවක් කරයි නම්, මෙම ණය පහසුකම සඳහා තනිව අයදුම් කළ හැක.
- රැකියාවක් නොකරයි නම්, දෙමව්පියන් හෝ භාරකරු සමග එක්ව මෙම ණය සඳහා අයදුම් කළ හැක.
ලබාගත හැකි ණය මුදලේ ප්‍රමාණය
- ඔබ ලියාපදිංචිවූ අධ්‍යාපන පාඨමාලාවේ ස්වභාවය හා ගාස්තුව
- ඔබගේ ණය ආපසු ගෙවීමේ හැකියාව
- සුරැකුමේ වටිනාකම
- වයස
අනුව තීරණය වේ.
NSB බුද්ධි ණයක් ලබාගැනීම සඳහා ඔබට ළඟම පිහිටි NSB ශාඛාව වෙත පියනගන්න. නැතිනම් පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2379379 අමතන්න.
ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් මහඟු අත්වැලක්.