මෙරට ප්‍රමුඛතම ඉතිරිකිරීමේ බැංකුව ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි ව්‍යවස්ථාවට අනුකූලව එහි වත්කම් වලින් 60% ක් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ වෙනත් රාජ්‍ය මූල්‍ය උපකරණ වැනි ඉස්තරම් රාජ්‍ය සුරැකුම් හි (Guilt-edged Government Securities ) ආයෝජනය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. රාජ්‍ය සුරැකුම් ආශ්රිත ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ බැංකුවේ වත්කම් කළමනාකරණ අංශයයි.
බැංකුව එහි ඉතිරි අරමුදල් පහත දැක්වෙන ක්ෂේත්‍ර තුනෙහි ආයෝජනය කරයි.
- මූල්‍ය ආයතන වෙත සෘජුව ණය ලබාදීම
- ණය සම්මේලන
- ව්‍යාපෘති වෙත ණය ලබාදීම
මෙම කටයුතු ප්‍රධාන වශයෙන් ණය සම්මේලන ආශ්රිත කටයුතු සිදු කිරීම සඳහා බැංකුව විසින් ආයතනික මූල්‍ය අංශයක් ස්ථාපනය කරන ලදී.
අප යටිතල පහසුකම් ව්‍යාපෘති වෙත ප්‍රමුඛතාව ලබාදෙන අතරම ආරම්භක අදියර, පුළුල් කිරීමේ අදියර, ක්‍රියාත්මක වෙමින් තිබෙන ආදී ඕනෑම අදියරක පවතින ව්‍යාපෘතියක් සඳහා අරමුදල් සම්පාදනය කෙරේ.
අපි නම්‍යශීලී තක්සේරු නිර්නායක අනුගමනය කරමු. අපගේ මිල ගණන් තරඟකාරී වන අතර සාකච්ඡා මගින් ගිවිස ගැනීමේ හැකියාව සහිතයි. (negotiable)
ව්‍යාපෘති මූල්‍ය ණය ලබාගැනීමේදී කෙටි කාලයක් තුළදී ණය ලබාදීමේ ක්‍රියාවලිය සිදු කිරීම මෙන්ම අදාළ ලේඛණ සපයාගැනීම සඳහා ද පහසුකම් සැලසේ. මේ සඳහා අය කෙරෙන ගාස්තු නාමික වේ.
සුදුසුකම් සහිත ගණුදෙනුකරුවන්ට අදාළ ණය ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙත ලිපියක් යොමු කිරිම හෝ හමුවීම කළ හැක.
ප්‍රධාන කාර්යයන්
- බැංකු සේවා සපයන ආයතන සහ ඔවුන්ගේ පරිපාලිත සමාගම් වෙත සෘජුව ණය ලබාදීම.
- මෙරට ප්‍රමුඛතම ඉතිරිකිරීමේ ආයතනය ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි අරමුදල් පුළුල් පරාසයක පැතිරුණ නිමැවුම් රැසක විවිධ ස්වරූප වලින් යොදවයි.
ප්‍රධාන වශයෙන් ඒවා මෙසේය.
රාජ්‍ය සුරැකුම්
එහි ව්‍යවස්ථාව අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි වත්කම් වලින් 60% ක් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ වෙනත් රාජ්‍ය ලේඛණ ආදී තැන්පතු සඳහා රාජ්‍ය වගකීම සහතික කරන ඉස්තරම් සුරැකුම් වල ආයෝජනය කිරීම අනිවාර්ය වේ.
ව්‍යාපෘති මූල්‍ය
බැංකුවේ දෙවන විශාලතම අරමුදල් යෙදවීම විවිධ ව්‍යාපෘති ආශි‍්‍රතව සිදු කෙරේ. ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රධාන වශයෙන් මෙරට දිගු කාලින ව්‍යාපෘති සඳහා ණය ලබාදීම සිදු කරයි. වෙනත් බොහෝ බැංකු වලට සිදු කළ නොහැකි ක්‍රියාකාරකමක් ලෙස හඳුන්වාදිය හැකි, සංවර්ධන ව්‍යපෘති, විශේෂයෙන් යටිතල පහසුකම් හා සම්බන්ධ ව්‍යාපෘති සඳහා අරමුදල් සම්පාදනය බැංකුවේ ආදර්ශ පාඨය බවට පත්ව තිබේ.
නියාමන අවශ්‍යතා සමග අනුකූලවීම සඳහා මෙම ණය පහසුකම් අතුරින් බොහොමයක් ණය සම්මේලන වශයෙන් පිරිනැමේ. එබැවින් ණය ලබාදීමේ සීමා නියාමන අවශ්‍යතා වලට අනුකූල වන තාක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙරට වෙනත් බැංකු හා මූල්‍ය ආයතන වෙත මහා පරිමාණ ණය සැපයීමෙහි අඛණ්ඩව නිරත වනු ඇත.
ණය සම්මේලන සංවිධානය කිරිම
අපගේ ආයතනික මූල්‍ය අංශය ශක්‍යතාව සහිත ව්‍යාපෘති වෙනුවෙන් සුදුසුකම් සපුරන අයදුම්කරුවන් සඳහා ණය සම්මේලන සංවිධානය කිරීම ඔස්සේ ණය පහසුකම් ලබාදීම සිදුකරයි.
නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම
ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය සම්මේලන ඔස්සේ සැපයෙන ණය පහසුකම් සම්බන්ධයෙන් නියෝජිතයෙකු ලෙස කටයුතු කරන අතර, එහිදී ණය ගැණුම්කරුවන් හා ණය සැපයුම්කරුවන් අතර සිදුවන ගණුදෙනු හා ණය පියවීම සම්බන්ධිකරණය කරයි.
මුල්‍ය පහසුකම් සැලසුම් කිරීම.
අරමුදල් සම්පාදනයට අමතරව ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගණුදෙනුකරුගේ අවශ්‍යතා හා ව්‍යාපෘතියේ ශක්‍යතාවය හා ස්වාභාවය මත පදනම්ව උදා : ණයකර, වත්කම් පිට නෝට්ටු, උකස් පිට නෝට්ටු ආදී වශයෙන් ගණුදෙනුකරුගේ අවශ්‍යතාව අනුව ණය පහසුකම් සැපයීමද සිදු කරයි.
- ව්‍යුත්පන්න නිමැවුම්
පොලී අනුපාත සම්බන්ධයෙන් හුවමාරු ගිවිසුම් වලට එළඹීම ඔස්සේ සිය වෙළඳපොල අවදානම අවම කරගැනීම සඳහා අපි ගණුදෙනුකරුවන්ට සහය වෙමු.
- සුරැකුම්
සුරැකුම් ණය සැපයුම්කරුවන් සඳහා ආරක්ෂිත උපක්‍රමයක් වුවද ව්‍යාපෘති වෙනුවෙන් ණය සැපයීමෙහිලා අපගේ ප්‍රධාන නිර්නායකය වන්නේ සුරැකුම නොව අදාළ ව්‍යාපෘතියේ ශක්‍යතාවයි. බොහෝවිට සුරැකුම යන්නට පහත සාධක අයත් වේ.
- ඇපයක්
- නිශ්චල වත්කම් සුරැකුම්
- ව්‍යාපෘතියේ වත්කම් මත සුරැකුම්
- ලැබිය යුතු දෑ මත උකස් අයිතිය
- ව්‍යාපෘතියේ සෘජු පේ‍්‍රෂණ
ණය සපයන ව්‍යාපෘති මොනවාද?
අපගේ අභිරුචිය, යටිතල පහසුකම් ආශ්රිත ව්‍යාපෘති වුවද මුලික අදියර, පුළුල් කිරිමේ අදියර, සිදු කෙරෙමින් තිබෙන ආදී වශයෙන් ඕනෑම මට්ටමක පවතින ව්‍යාපෘතියක් සඳහා මුදල් සම්පාදනය කිරිමට අප සුදානම්.
ව්‍යාපෘති ඇගයුම් නිර්නායක
- නියාමන අවශ්‍යතා සමග අනුකූලවීම
- කළමනාකාරිත්වයේ පැතිකඩ
- ව්‍යාපෘතියේ පැතිකඩ
- සුරැකුම
ණය පහසුකම් ලබාගන්නේ කෙසේද?
ව්‍යාපෘති මූල්යයනයේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව, හවුල්කාරී හෝ තනි අයිතිය සහිත ව්‍යාපාර සැලකිල්ලට නොගනී.
සෑම ව්‍යාපෘතියක්ම මෙන්ම අදාළ අවශ්‍ය තොරතුරු ද එකිනෙකින් වෙනස් වන හෙයින් විශේෂයෙන් නිර්දේශ කරන ලද ණය අයදුම්පත්‍රයක් නොමැත.
කෙසේ වුවත්, විභවතාව සහිත ඕනෑම ගනුදෙනුකරුවෙකුට ණය පහසුකම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප වෙත ලිපියක් යොමු කිරිම හෝ අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හමුවීම සිදු කළ හැක.
අදාළ වන අනුපාත මොනවාද?
ණය පහසුකම් වලට අදාල කොන්දේසි හා නියමයන් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු අනොන්‍ය වශයෙන් පිළිගත හැකි පදනමක් මත එකඟතාවයට එළඹිය හැකිය. මීට අදාළ වන පොදු නියමයන් පහත පරිදි වේ.
- විචල්‍ය අනුපාතයක් මත මිල තීරණය කිරිම.
- සාමාන්‍යයෙන් ත්‍රෛමාසිකව, සය මාසිකව ආදී වශයෙන් ප්‍රතිමිලකරණය කරන ලද දර්ශක අනුපාතය මත ආන්තිකය තීරණය කිරිම.
- අනපේක්ෂිත සිදුවීම් හි බලපෑම් අවම කිරීම සඳහා අප විසින් ණය පහසුකම් සඳහා උපරිම හා අවම අනුපාත පැනවීම සිදු කරනු ලබයි.
- ආන්තිකය ව්‍යාපෘතියේ හා ප්රවර්ධකයන්ගේ අවදානම් පැතිකඩ මත පදනම් වේ.
- සාමාන්‍යයෙන් ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන අතර, උත්පාදනය වන මුදල් ප්‍රවාහ මගින් මූලික ණය මුදල ගෙවීම සඳහා පහසුකම් සැලසීම එහි අරමුණ වේ.
ණය පහසුකම් අනුමත කිරීම සඳහා කොපමණ කලක් ගතවේද?
මධ්‍යගත ක්‍රමවේදයක් අනුගමනය කරන හෙයින් සාමාන්‍යයෙන් අපගේ අනුමත කිරීමේ ක්‍රියාවලිය ඉතා වේගවත් වේ. සියළු අවශ්‍ය තොරතුරු සපයා ඇතිනම් හා නියාමන අනුමැති ලබාගෙන තිබේ නම් අනුමැතිය සඳහා උපරිම වශයෙන් ගතවන්නේ සති 3ත්4 ත් අතර කාලයකි.
අවශ්‍ය තොරතුරු මොනවාද?
- ව්‍යාපෘති යෝජනාව අනුව අවශ්‍ය වන තොරතුරු වෙනස්වේ. සාමාන්‍යයෙන් ණය පහසුකම අනුමත කිරීම සඳහා පහත දැක්වෙන තොරතුරු අවශ්‍ය වේ.
- ප්රවර්ධකයන්ගේ වලංගුභාවය හා ප්‍රවීණත්වය සනාථ කෙරෙන සාක්ෂ්‍ය.
- සමාගමේ හරස්කඩ.
- නිමැවුම, ක්‍රියාවලිය, වෙළඳපල පාර්ශව, පිරිවැය, පුරෝකථන, මුදල් සපයාගැනීමේ ක්රමවේදී ආදි සියළු තොරතුරු ඇතුලත් කරන ලද ව්‍යාපෘති යෝජනාව.
- අවශ්‍ය සියළු අනුමත කිරීම් (අභ්‍යන්තර හෝ බාහිර).
- තහවුරු කරන ලද ඇණවුම්, වගකීම්, විකුණුම් ගිවිසුම ආදිය පිළිබද සාක්ෂ්‍ය.
ලිපි ලේඛණ කටයුතු
බැංකුවේ සේවයේ නියුතු නීති නිළධාරීන් විසින් ලේඛණ කටයුතු සිදු කරනු ලබයි. ණය පහසුකම් ස්වාභාවය අනුව බාහිර නෛතික උපදෙස් හා උපදේශණ සේවා ලබාගැනේ.
වෙනත් වියදම් මොනවාද?
ව්‍යවස්ථාපිත බදු අදාළ වන්නේ නම්, ඒවා අයකිරීම් හැර ඉතා නාමික ගාස්තුවක් අය කෙරේ.
සම්බන්ධ කරගත යුත්තේ කාවද?
දේවිකා සිල්වා මෙනවිය
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
දුරකථන : 011-4940261
ෆැක්ස් : 011-2370310
ඊ මේල් : dgm.cfi@nsb.lk