නිවසක් හිමි කරගන්න තබන පළමු පියවර
පළමු වරට නිවසක් ඉදිකිරීම හෝ මිලදීගැනීම සඳහා ශ්‍රී ලාංකික තාරුණ්‍යයට අත්වැලක් සැපයීම අරමුණු කරගෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුව . ‘1st Homeowner’ නිවාස ණය ක්‍රමය සාඩම්බරයෙන් හදුන්වා දෙයි.
ප්‍රධාන ලක්ෂණ
- සිත් ඇදගන්නා සුළු පොලී අනුපාත සහ නම්‍යශිලී කොන්දෙසී
- පළමු වරට නිවසක් හිමි කරගැනීමට සැලසුම් කරන අය වෙනුවෙන් විශේෂයෙන් සකස් කර ඇත.
- නේවාසික මෙන්ම අනේවාසික ශ්‍රී ලාංකිකකයන්ටද මේ සදහා අයදුම් කළ හැකි වීම.
මේ සදහා අයදුම් කළ හැක්කේ කාටද ?
- වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්
- මව හෝ පියා සමග හවුලේ අයදුම් කළ හැක .(මව හෝ පියාගේ වයස අවුරුදු 55 ට වඩා අඩු විය යුතුය.
- රැකියා වීසා,විදෙස් රටක ස්ථිර පදිංචි හෝ ද්විත්ව පුරවැසිභාවය සහිත අනේවාසික ශ්‍රී ලාංකිකයන්
ණය ආපසු ගෙවීමේ හැකියාව සහ හීනවන කාල රක්ෂණාවරණයක් ( DTA) ලබාගැනීමට යටත්ව වයස අවුරුදු 60 දක්වා ණය ලබාගත හැක.
ණය මුදල වැය කළ හැක්කේ කුමක් සදහාද?
- පළමු වරට නිවසක් හෝ මහල් නිවසක් මිලදීගැනීම සදහා
- ඉඩමක් මිලදීගෙන නිවසක් තැනීම සදහා (ණය මුදලෙන් 1/3 ක් ඉඩම සදහා)
- ඔබ නමින් ඇති ඉඩමක නිවසක් තැනීම සදහා
වැදගත්
- මෙයට ප්‍රථම ලබාගෙන ඇති ණය මුදලක් පියවීම සදහා භාවිත කළ නොහැක.
- මෙයට ප්‍රථම ලබාගෙන ඇති නිවාස ණය පියවා තිබිය යුතුය.
අදම අයදුම් කරන්න.ඔබේ නිවාස සිහිනය සැබැ කරගන්න.