ඔබ ‘අපගේ බැංකු සේවා ලබානොගන්නේ ඇයි ?’
- ඔබ ‘ආරක්ෂාව’ පිළිබඳ උනන්දු නොවන්නේද ?
සියලු තැන්පතු හා ඉන් ඉපයෙන පොලිය මත පිරිනැමෙන අපගේ ඉතා සුවිශේෂීවූ රාජ්‍ය වගකීම සමගින් අපගේ සියළු ගණුදෙනුකරුවන් සඳහා ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව පෙරමුණේ සිටී. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් දිවයිනේ සුරක්ෂිතම බැංකුව ලෙස අඛණ්ඩව 2016 හා 2017 වසරවලදී අපි සම්මානයට පාත්‍ර වීමු.
- ඔබ ‘ස්ථාවරත්වය’ පිළිබඳව උනන්දු නොවන්නේද?
ICRA රේටින්ග්ස් ආයතනය වෙතින් ශ්‍රී ලංකා ත්‍රිත්ව A (ස්ථාවර)ශ්‍රේණිගත කිරීම හිමිකරගැනීමට සමත්වූ අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය විසින් ශ්‍රි ලංකාවේ 5 වන වටිනාම සන්නම් නාමය ලෙස ස්ථානගත කෙරිණ.
- ඔබ ‘වර්ධනය’ පිළිබඳ උනන්දු නොවන්නේද ?
2017 වර්ෂයේදී රුපියල් ට්‍රිලියනයක වත්කම් පදනමක් වෙත ළඟාවෙමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශක්තිමත් හා ක්රමික වර්ධනයක් අත් කරගෙන තිබේ. මෙය ගතවූ කාලය තුල ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්ථාවර වර්ධනයට සාක්ෂ්‍ය වේ.
- පුළුල්වු ජාලයක් පිළිබඳව ඔබ උනන්දු නොවන්නේද ?
ශාඛා, තැපැල් බැංකු, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, NSB I Saver නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සේවා කවුළු 4000 කට වැඩි ප්‍රමාණයක් සහිත පුළුල් දීපව්‍යාප්ත ජාලයක් හා අනෙකුත් බැංකු හා නියෝජිතවරුන්ගෙන් සමන්විත ජාත්‍යන්තර ජාලයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුවේ.
- ඔබ ‘ඉතිහාසය’පිළිබඳව උනන්දු නොවන්නේද?
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්වගාමියා වන සිලෝන් සේවින්ග්ස් බැංකුව 1832 දී පිහිටුවන ලද අතර එහෙයින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වසර 188 ක ඉතිරිකිරීමේ උරුමයකට හිමිකම් කියයි.
- ඔබ ‘නව්‍යකරණ’ පිළිබඳ උනන්දු නොවන්නේද?
ජාතික ඉතිරිකිරීමේ බැංකුව පුළුල් පරාසයකට අයත් නවෝත්පාදක බැංකු නිමැවුම් රැසක් සිය ගණුදෙනුකරුවන් වෙත තිළිණ කරයි. දරුවන් සඳහා හපන් ළමා ඉතිරිකිරීමේ ගිණුම, තාරුණ්‍යය සඳහා ඉතුරු මිතුරු ඉතිරිකිරීමේ ගිණුම, වැඩිහිටියන් සඳහා ඉතිරිකිරීමේ හා ස්ථාවර තැන්පතු ගිණුම් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ගෞරව ස්ථාවර තැන්පතු ගිණුම ඒ අතර වේ.