ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

ශ‍්‍රී ලංකාව තුල හෝ විදේශයකදී උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙන්ම ඔබ තෝරාගත් වෘත්තියකට අදාල සුදුසුකම් සපුරාගැනීම සඳහා NSB බුද්ධි ණය ඔබට උපකාර වේ. NSB බුද්ධි වෙතින් ප‍්‍රතිලාභ රැසක් හිමිකරගන්න.

  • අසමසම සහන කාලයක්
  • වසර 10 ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලයක්
  • ආකර්ෂණීය පොලී අනුපාතයක්

NSB බුද්ධි ණය ලබාගත හැක්කේ කාටද?

  • වයස අවුරුදු 18 හා 50 දක්වා වන
  • දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයක්/ පාසැලක්/ අධ්‍යාපන ආයතනයක හෝ වෙනත් ඕනෑම උසස් අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සඳහා ලියාපදිංචිවූ  ඕනෑම ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට
  • ඔබ රැකියාවක් කරයි නම්, මෙම ණය පහසුකම සඳහා තනිව අයදුම් කළ හැක.
  • රැකියාවක් නොකරයි නම්, දෙමව්පියන් හෝ භාරකරු සමග එක්ව මෙම ණය සඳහා අයදුම් කළ හැක.

ලබාගත හැකි ණය මුදලේ ප‍්‍රමාණය

  • ඔබ ලියාපදිංචිවූ අධ්‍යාපන පාඨමාලාවේ ස්වභාවය හා ගාස්තුව
  • ඔබගේ ණය ආපසු ගෙවීමේ හැකියාව
  • සුරැකුමේ වටිනාකම
  • වයස

අනුව තීරණය වේ.

NSB බුද්ධි ණයක් ලබාගැනීම සඳහා ඔබට ළඟම පිහිටි NSB ශාඛාව වෙත පියනගන්න. නැතිනම් පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන  +94 11 2379379  අමතන්න.

ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් මහඟු අත්වැලක්.

INQUIRIES NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
ණය පොලී අනුපාත ගණනය පොලී අනුපාත බාගත කිරීම්
අන්තර්ජාල බැංකු සේවා