දේශයේ ගැඹුරින් මුල් බැසගත් බැංකුවක්
එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත ආචාර්ය එන් එම් පෙරේරා මැතිතුමා විසින් මෙරට ජනතාවට මුල්‍ය සේවා සැපයීමෙහි නියුතුව සිටි සුවිශේෂී ආයතන සතරක් ඒකාබද්ධ කරමින් 1971 අංක 30 දරණ පාර්ලිමේන්තු පනත මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කරන ලදී. එම ආයතන සතර මෙසේය.
- ලංකා ඉතිරිකිරීමේ බැංකුව – (Ceylon Savings Bank)
මෙරට ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද ප්‍රචලිත කිරීම සහ ඔවුන්ට විධිමත් බැංකුකරණ පරිචයන් හඳුන්වාදීම අරමුණ කරගෙන 1832 දී එවක මෙරට ආණ්ඩුකාර ශ්‍රීමත් විල්මට් හෝර්ටන් විසින් සිලෝන් සේවින්ග්ස් බැංකුව ස්ථාපිත කරන ලදී.සතියකට දවස් තුනක් බැංකුව විවෘතව පැවති අතර ව්‍යපාර කටයුතු සිදු කෙරුණේ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් වලිනි.
- ලංකා තැපැල් ඉතිරිකිරීමේ බැංකුව -(The Ceylon Post Office Savings Bank)
ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමාගේ අදහසක් අනුව 1885 දී සිලෝන් සේවින්ග්ස් පෝස්ට් ඔෆිස් බැංකුව ස්ථාපිත කෙරිණි. ජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් සැපයූ මෙම බැංකුව යටතේ පැවති ජාතික තැපැල් කාර්යාල පද්ධතිය ඔස්සේ මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම වඩා පහසුවෙන් සිදු කිරීමට ජනතාවට හැකියාව ලැබිණ.
- ඉතිරිකිරීමේ සහතික අංශය – තැපැල්පති දෙපාර්තෙම්න්තුව
ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද තව දුරටත් වර්ධනය කිරීම සඳහා 1938 දී තැපැල්පති දෙපාර්තෙම්න්තුවේ ඉතිරිකිරීමේ සහතික අංශය ස්ථාපනය කෙරිණ. මෙරට ජනතාව අතර ඉතුරුම් සහතික සංකල්පය ප්‍රචලිත කිරීමෙහිලා එම අංශය බෙහෙවින් ඉවහල් විය.
- ලංකා යුධ සේවා ව්‍යාපාරය – (The Ceylon War Savings Movement)
ලංකා යුධ සේවා ව්‍යාපාරය – දෙවන ලෝක යුධ සමයේදී ලබාගත් යුධ ණය පියවීම සඳහා ඉතුරුම් සංචලනය කිරීම අරමුණු කරගෙන 1942 දී ලංකා යුධසේවා ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ගණුදෙනු කිරීමේ පහසුව පදනම් කරගෙන මේ සමග ඉතුරුම් සහතික වඩාත් ප්‍රචලිත විය. යුද්ධය අවසන් වීමෙන් පසු මෙම ව්‍යපාරය ජාතික ඉතිරිකිරීමේ ව්‍යපාරය ලෙස නම් කෙරිණ.
- ජාතික ඉතිරිකිරීමේ බැංකුව – (National Savings Bank)
විධිමත් හා දෛනික ව්‍යපාර මෙහෙයුම් කටයුතු සඳහා 1972 මාර්තු16 වන දින ජාතික ඉතිරිකිරීමේ බැංකුව විවෘත කෙරිණ. 1972 වර්ෂයේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආරම්භ කෙරෙන තුරු ලංකා තැපැල් කාර්යාල ඉතිරිකිරීමේ බැංකුවේ භාරකාර මණ්ඩලයේ සාමාජිකවරුන් ලෙස කටයුතු කළ මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් සහ තැපල්පති අදටත් ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන අතර එය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ආරම්භක පාලන ව්‍යුවහය අඛණ්ඩව ආරක්ෂා කරගෙන ඇති බවට සාක්ෂ්‍යයකි.
එතැන් සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව දොරින් දොර නම රැන්දූ ඉතිරිකිරීමේ සහකරුවෙකු බවට පත්වෙමින් ක්‍රමයෙන් වර්ධනය වී තිබේ.
2017 වාර්ෂික වාර්තාවට සම්මාන 3 ක් –
- “හොඳම ඒකාබද්ධ වාර්තා 10” න් එකක් ලෙස නම් කිරීම (One of the 10 Best Integrated Reports)
- රාජ්‍ය ව්‍යවසාය / සමාගම් කාණ්ඩයේ හොඳම ඒකාබද්ධ වාර්ෂික වාර්තාව
- වැඩිම ප්‍රගතියක් පෙන්වන ඒකාබද්ධ වාර්තාව (Most Improved Integrated Report)
BestWeb.lk ආයතනය විසින් පිරිනමන ලද වඩාත් ජනප්‍රිය ආයතනික වෙබ් අඩවියට හිමි සම්මානය
ශ්‍රී ලංකාවේ විශාලතම මාස්ටර්කාඩ් හර කාඩ්පත් කළඹ ලෙස මාස්ටර්කාඩ් ආයතනය විසින් හඳුනාගනු ලැබීම
එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක ජාත්‍යන්තර අරමුදල් සම්පාදනය
අඛණ්ඩව 15 වන වරටත් ‘AAA’ දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ලබාගැනීම
රුපියල් ට්‍රිලියනයක වත්කම් පදනමක් හිමි කරගත් ප්‍රථම විශේෂිත බැංකුව බවට පත්වීම
-
ග්ලෝබල් ෆයිනෑන්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව ලෙස ශ්‍රේණිගත කිරීම
-
2015 වාර්ෂික වාර්තාවට ‘‘ශ්‍රී ලංකාවේ හොඳම වාර්ෂික වාර්තාව” සම්මානය හිමිවීම සහ සභාපතිතුමාගේ පණිවිඩයට රන් සම්මානයක් හිමිවීම
-
රුපියල් බිලියන 6 ක වටිනාකමක් සහිත ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රථම ණයකරය නිකුත් කිරීම
-
250 වැනි ශාඛාව ගලගෙදරදී ආරම්භ කිරීම
LMD සඟරාව විසින් AA සන්නම් ශ්‍රේණිගත කිරීම ලබාදීම සහ ශ්‍රී ලංකාවේ පස්වන වටිනාම සන්නම් නාමය ලෙස පිදුම් ලැබීම
• ශ්‍රී ලාංකික බැංකුවක් විසින් නිකුත් කරන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 750 ක විශාලතම තනි බැඳුම්කර නිකුතුව
200 වැනි ශාඛාව මැදවච්චියේදී ආරම්භ කිරීම
ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම (පැය 24 x දින 07)
‘රන්මසු’ අනේවාසික විදේශ විනිමය ගිණුම හඳුන්වාදීම
ජාත්‍යන්තර බැංකු මෙහෙයුම් ආරම්භ කිරීම
ෆිච් රේටින්ග්ස් ආයතනය වෙතින් ‘AAA’ ග්රී ලංකා ණය ග්‍රේණිගත කිරීම හිමිවීම
• ජාතික ඉතිරිකිරීමේ පරිපාලිත සමාගම වන ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම ස්ථාපිත කිරීම
100 වැනි ශාඛාව නිට්ටඹුවේදී විවෘත කිරීම
ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සංශෝධනය කිරීම ඔස්සේ ව්‍යපාර කටයුතු පුළුල් කිරීම
ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රය හඳුන්වාදීම
ජංගම බැංකු සේවාව ක්‍රියාත්මක කිරිම
ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කිරීම
ජාතික ඉතිරිකිරීමේ බැංකුව
විධිමත් හා දෛනික ව්‍යපාර මෙහෙයුම් කටයුතු සඳහා 1972 මාර්තු16 වන දින ජාතික ඉතිරිකිරීමේ බැංකුව විවෘත කෙරිණ. 1972 වර්ෂයේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආරම්භ කෙරෙන තුරු ලංකා තැපැල් කාර්යාල ඉතිරිකිරීමේ බැංකුවේ භාරකාර මණ්ඩලයේ සාමාජිකවරුන් ලෙස කටයුතු කළ මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් සහ තැපල්පති අදටත් ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන අතර එය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ආරම්භක පාලන ව්‍යුවහය අඛණ්ඩව ආරක්ෂා කරගෙන ඇති බවට සාක්ෂ්‍යයකි.
එතැන් සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව දොරින් දොර නම රැන්දූ ඉතිරිකිරීමේ සහකරුවෙකු බවට පත්වෙමින් ක්‍රමයෙන් වර්ධනය වී තිබේ.
දේශයේ ගැඹුරින් මුල් බැසගත් බැංකුවක්
එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත ආචාර්ය එන් එම් පෙරේරා මැතිතුමා විසින් මෙරට ජනතාවට මුල්‍ය සේවා සැපයීමෙහි නියුතුව සිටි සුවිශේෂී ආයතන සතරක් ඒකාබද්ධ කරමින් 1971 අංක 30 දරණ පාර්ලිමේන්තු පනත මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කරන ලදී. එම ආයතන සතර මෙසේය.
ලංකා යුධ ඉතිරිකිරීමේ ව්‍යපාරය ස්ථාපිත කිරීම
ලංකා යුධ ඉතිරිකිරීමේ ව්‍යපාරය
ලංකා යුධ සේවා ව්‍යාපාරය – දෙවන ලෝක යුධ සමයේදී ලබාගත් යුධ ණය පියවීම සඳහා ඉතුරුම් සංචලනය කිරීම අරමුණු කරගෙන 1942 දී ලංකා යුධසේවා ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ගණුදෙනු කිරීමේ පහසුව පදනම් කරගෙන මේ සමග ඉතුරුම් සහතික වඩාත් ප්‍රචලිත විය. යුද්ධය අවසන් වීමෙන් පසු මෙම ව්‍යපාරය ජාතික ඉතිරිකිරීමේ ව්‍යපාරය ලෙස නම් කෙරිණ.
තැපැල් සේවා දෙපාර්තමේන්තුව විසින් “ඉතිරිකිරීමේ සහතික අංශය” විවෘත කිරීම
ඉතිරිකිරීමේ සහතික අංශය – තැපැල්පති දෙපාර්තෙම්න්තුව (The Savings Certificate Section – Post Master General’s Department)
ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද තව දුරටත් වර්ධනය කිරීම සඳහා 1938 දී තැපැල්පති දෙපාර්තෙම්න්තුවේ ඉතිරිකිරීමේ සහතික අංශය ස්ථාපනය කෙරිණ. මෙරට ජනතාව අතර ඉතුරුම් සහතික සංකල්පය ප්‍රචලිත කිරීමෙහිලා එම අංශය බෙහෙවින් ඉවහල් විය.
තැපැල් කාර්යාල ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කිරීම
තැපැල් කාර්යාල ඉතිරිකිරීමේ බැංකුව
ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමාගේ අදහසක් අනුව 1885 දී සිලෝන් සේවින්ග්ස් පෝස්ට් ඔෆිස් බැංකුව ස්ථාපිත කෙරිණි. ජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් සැපයූ මෙම බැංකුව යටතේ පැවති ජාතික තැපැල් කාර්යාල පද්ධතිය ඔස්සේ මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම වඩා පහසුවෙන් සිදු කිරීමට ජනතාවට හැකියාව ලැබිණ.
ලංකා ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කිරීම
ලංකා ඉතිරිකිරීමේ බැංකුව