The Safest Place for your Money |

NSB Bank Sri Lanka Banner
NSB ලෝක සකසුරුවම් දින සැමරුම 2018

“ලස්සන ගෙවත්තක් සවිමත් ආර්ථිකයක්”

1924දී ලෝක ඉතිරිකිරීමේ බැංකු කොංග‍්‍රසය විසින් සෑම වසරකම ඔක්තෝම්බර් 31 වනදා ලෝක සකසුරුවම් දිනය ලෙස නම් කරනු ලැබූ අතර ලෝක ඉතිරිකිරීමේ බැංකු ආයතනයෙහි ශ‍්‍රී ලංකාවේ එකම නියෝජිත බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සෑම වසරකම ඔක්තෝබර් මාසය මුළුල්ලේ සකසුරුවම ඔප්නංවන වැඩසටහන් දියත් කරයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව,මෙවර ඔක්තොබර් 31 දිනට යෙදෙන ලෝක සකසුරුවම් දිනය නිමිත්තෙන් දීප ව්‍යාප්ත එළවළු බීජ බෙදා දීමේ වැඩසටනක් ක‍්‍රියාත්මක කරනු ලබයි ”ලස්සන ගෙවත්තක් සවිමත් ආර්ථිකයක්” මෙහි තේමාව වේ. මෙහි මූලික අරමුණ වන්නේ ගෙවතු වගාව මගින් ජනතාව සකසුරුවමට හුරුකිරීමයි.

ගෙවතු වගාව ඔස්සේ ගෙවත්ත උපරිම ප‍්‍රයෝජන ලැබෙන අයුරින් භාවිත කිරීමට ඉඩ සැලසෙන අතර එමගින් ඔබගේ දෛනික එළවළු සහ පළතුරු අවශ්‍යතාව සපුරාගැනීමට හැකියාව ලැබේ. වඩාත් වැදගත් වන්නේ මෙමගින් ඔබට වස විස වලින් තොර එළවළු සහ පළතුරු පරිභෝජනයට  අවස්ථාව උදාවීමයි. එය නිරෝගිමත් දිවියකට මගපාදනු ඇත. ගෙවතු වගාව ඔබට කදිම විනෝදංශයක්  වන අතර ඔබේ වටපිටාවේ  සුන්දරත්වය වැඩි කිරීමටද ඉවහල් වේ. ඔබගේ ගෙවත්තේ වැවෙන ගහ කොළ මල් ඵල දැකීමෙන් ඔබට දැනෙන සතුට මිල කළ නොහැක. එ් සමග ඔබට පරිසරය සුරැකීමටද දායකත්වය ලබා දිය හැකිය.

මෙම වැඩසටහන යටතේ සෑම NSB ශාඛාවක් වෙත පැමිණෙන ප‍්‍රථම තැන්පත් කරුවන් 100 දෙනා අතර වටිනා බීජ කට්ටලයක් ඔක්තෝබර් 31 වන දින බෙදා දීමට කටයුතු සුදානම් කර ඇත. මෙම බීජ කට්ටලය වම්බටු, මාළු මිරිස්, බණ්ඩක්කා, දඹල සහ නිවිති යන බීජ වලින් සමන්විත වේ. එමෙන්ම ගෙවතු වගාව සම්බන්ධයෙන් වටිනා උපදෙස් පත‍්‍රිකාවක් මෙම බීජ කට්ටලය සමග ඔබට හිමිවේ. මේ සදහා තාක්ෂණික සහය ලබා දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම අමාත්‍යංශයයි.

NSB කෘෂිවනවගා ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.මෙම ව්‍යාපෘතිය යටතේ 2017 සකසුරුවම් දිනය වෙනුවෙන් ආර්ථික වටිනාකමකින් යුත් පැළ 26,000 ක්  සහ 2018 ජනවාරි 01 දා එවැනිම පැළ 76,000 ක් සිය ශාඛා ජාලය හරහා ගනුදෙනු කරුවන් හට බෙදා දීමට බැංකුව කටයුතු කළේය.

 

2018 හපන් ප‍්‍රණාම ශිෂ්‍යත්ව උළෙල

18 වන වරටත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සංවිධානය කරනු ලබන හපන් ශිෂ්‍යත්ව ප‍්‍රණාම උළෙල 2018 ඔක්තෝම්බර් 31 දින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉහළ කළමණාකාරීත්වයේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.

සෑම වසරකම 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු දෙවන හා තුන්වන ස්ථාන හිමිකරගත් NSB හපන් ගිණුම් හිමි දරුවන් සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් වටිනා සහතික පත‍්‍රයක් හා තෑගි කට්ටලයක් මෙන්ම පිලිවෙළින් රු 100,000, රු 75,000 සහ රු 50,000 බැගින් මුදල් ත්‍යාගද පිරිනමනු ලැබේ. එසේම , සෑම දිස්ත‍්‍රික්කයකම වැඩිම ලකුණු ලබා ගත් සිසුන් පහළොස් දෙනා වෙත රුපියල් පහළොස්දහස බැගින්වූ ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි. ශිෂ්‍යත්ව විභාගයේදී විශේෂ අවශ්‍යතා සහිත කාණ්ඩය යටතේ වැඩිම ලකුණු ලබා ගත් ළමුන් 25 දෙනා සඳහාද රුපියල් පහලොස්දහස බැගින් වූ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුවේ.

ලෝක සකසුරුවම් දිනය නිමිතිකරගෙන ජාතික ඉතිරිකිරිමේ බැංකුව මෙවර 13 – 19 වයස් කාණ්ඩය සඳහා විශේෂ ගිණුමක් හදුන්වාදීමට නියමිතය යෞවන යෞවනියන්ගේ කායික, මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා විශේෂ මෙහෙයක් සිදුකරන ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංවිධානය සමග අත්වැල් බැඳගනිමින් පාසල් දරුවන් තුල ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක්  දියත්කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව කටයුතු යොදා ඇත.

ඉතිරිකිරීම හා සකසුරුවම පුරුදු පුහුණු කිරීම ඔස්සේ ඔබේ අනාගත සුරක්ෂිතතාව මෙන්ම රටේ සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට හැකියාව ලැබේ .ඉතිරිකිරීම හා අරපිරිමැස්ම සකසුරුවම් දිනය පමණක් නොව සෑම දිනකම පුරුදු පුහුණු කළ යුතු සංකල්පයක් බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සකසුරුවම් දිනයේදී ජාතියට සිහිපත් කරදෙයි.

 

Digital Banking