The Safest Place for your Money |

NSB Bank Sri Lanka Banner
2021 ලෝක මිහිකත දිනය වෙනුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දායකත්වය

ශ්‍රී ලංකාවේ විශාලතම ඉතුරුම් විශේෂිත බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙස මෙන්ම පරිසරයට ආදරය කරන සේවක ප්‍රජාවක් සිටින අප ආයතනය මෙවර මිහිකත දිනය වෙනුවෙන් කොළඹ මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද “කොළඹට ගසක් ඉතුරු කරමු” වැඩසටහන සමග එක්ව විහාර මහා දේවී උද්‍යානයේ පලතුරු උද්‍යානයක් ඉදි කිරීම සඳහා පැළ සිටුවීම සිදු කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනිය කේශිලා ජයවර්ධන මැතිනිය හා සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිළධාරීතුමන් කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා, කොළඹ නාගරික කොමසාරිස්තුමිය රොෂානී දිසානායක මහත්මිය, ප්‍රංශ හා ජපාන තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිත ජයත්මා වික්‍රමනායක මෙනවිය හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගී විය. ගම්බදව සුලබව දැකිය හැකි පලු, වීර වැනි ශාක නාගරික පරිසරක් තුළ ස්ථාපනය කර කොළඹ නගරවාසී ජනතාව, ළමයින්ගේ හා කුරුළු විශේෂයන් ආකර්ෂනය කර පරිසරය සමග වඩාත් සමීප වීම තුළින් ලෝකයට ආදරය කරන මිනිසුන් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

එමෙන්ම අප බැංකුව මගින් ක්‍රියාත්මක නාගරික කෘෂි බෝග ව්‍යාප්ත කිරීමේ වැඩසටහනේ දිගුවක් ලෙස කොළඹ ඇල්විටිගල තට්ටු නිවාස සංකීර්ණයේ ජනතාව වෙත එළවළු පැළ හා පළතුරු පැළ බෙදා දීම ජාගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනිය කේශිලා ජයවර්ධන මැතිනිය හා සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිළධාරීතුමන් කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය, කොළඹ නාගරික කොමසාරිස්තුමිය රොෂානී දිසානායක මහත්මිය ප්‍රමුඛ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවැත්වින.

Digital Banking