Enterprise Sri Lanka සහන ණය යෝජනා ක‍්‍රමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කාර්යභාරය
2018 රාජ්‍ය අයවැය යෝජනා සහ ”දැක්ම 2025”- පොහොසත් රටක් යන වැඩසටහන තුළ ඇතුලත් වන Enterprise Sri Lanka V 2025 ණය යෝජනා ක‍්‍රමය රජය විසින් හඳුන්වා දී ක‍්‍රියාත්මකකොට ඇත. ඉදිරි වසර කිහිපය තුළ රටේ ආයෝජන ව්‍යාප්ත කර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් වඩාත්හිතකර තත්වයක් නිර්මාණය කිරීම මෙම වැඩ පිළිවෙලේ අදහසයි.
ව්‍යාපාර දිරිගැන්වීම උදෙසා වනමෑත ඉතිහාසයේ සුවිසල්ම සහන ණය යෝජනා ක‍්‍රමය ලෙස මෙය හැදින්විය හැක. වසර 2025 පොහොසත් රටක් බිහිකරන V 2025 දැක්ම මෙම වැඩසටහනේ ප‍්‍රධාන තේමාවයි.
ආර්ථිකයේ සියලු අංශ වල ලොකු කුඩා සියළු ව්‍යාපාර මෙමගින් ආවරණය වේ. Enterprise Sri Lanka සහන ණය යෝජනා ක‍්‍රම රැසකි.
-රියශක්ති
-ගොවි නවෝදා
-රිය බල සවි
-සොඳුරු පියස
-හරිත ණය
-ජය ඉසුර
-රන් අස්වැන්න
-රිවි බල
-මාධ්‍ය අරුණ
-දිවි සවිය
-ඇරඹුම
ක්‍ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙම ණය යෝජනා ක‍්‍රමයේ ප‍්‍රතිලාභ ලබාගත හැකිය. මෙම ණය වැඩසටහන මගින් රජයේ මධ්‍යකාලීන ඉලක්කයන් වන
-නිෂ්පාදිත ආර්ථිකයක් ජනිත කිරීම
-ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000 ක් බවට පත්කිරිම
-නව රැකියා දශලක්ෂයක් බිහිකිරිම
-අපනයනය දෙගුණ කිරීම
-දළ දේශිය නිෂ්පාදනය 5% අඛණ්ඩ වර්ධනය
යනාදිය ඉටුකර ගැනීම තුලින් 2025 පොහොසත් රටක් බවට ශ‍්‍රී ලංකාව පත්කර ගැනීම අරමුණවේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කාර්යභාරය
ජාතික ඉතිරිකිරීමේ බැංකුව Enterprise Sri Lanka සහන ණය යෝජනා ක‍්‍රමය සමග සක‍්‍රීයව සම්බන්ධ වී ඇති අතර මෙමගින් රජයේ ආර්ථික සංවර්ධන අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමට දායකවනවා සේම ජාතික වගකීමක්ද ඉටුකරයි.
Enterprise Sri Lanka ව්‍යාපෘතිය මගිින් නව ව්‍යවසායකයන් 100,000 බිහි කිරිමට සැලසුම්කර ඇත. මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයින්ට දිරියෙන් ඉදිරියට යෑමට සහය වන අතර, එමගින් ජනිත වන ආදායම් හා ලාභ ඉතා හොඳින් කළමනාකරණය කිරීමත් අරපිරිමැස්ම හා සකසුරුවම මගිින් වඩා හොඳ හෙට දිනක් වෙනුවෙන් මුදල් ඉතිරිකිරීමට ජනතාව හුරු කිරීමත් ජාතික ඉතිරිකිරිමේ බැංකුව අපේක්ෂා කරයි. සහන පොළියට ණය ලබාදෙන පහසුකම වෙනුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා වල විශේෂ Enterprise Sri Lanka කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.
මේ වනවිටත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සොඳුරු පියස ණය ක‍්‍රමය මගින් නිවාස සිහිනය සැබැකර ගැනීමට ප‍්‍රයත්න දරන ජනතාවට රු.200,000 උපරීමයකට යටත්ව ණය ලබාදෙනු ලැබේ. මේ සඳහා රජය විසින් පොළී සහනාධාරයක් ලබාදෙන හෙයින් ණයකරු විසින් ගෙවියයුත්තේ 6.75% පොළියක් පමණි. ඉතිරි 6.75% ක පොළිය රජය විසින් දරනු ඇත.
සොඳුරු පියස නිවාස ණය ක‍්‍රමය අඩු ආදයම්ලාභීන්ගේ නිවාස ඉදිකරගැනීමට අත දීමේ අරමුණින් ක‍්‍රියාත්මක වේ. මේ යටතේ වර්ග අඩි 1000 ට අඩු නිවසක් ඉදිකිරීමට ඉතා සරල පහසු ක‍්‍රමයක් යටතේ ණය මුදල් ප‍්‍රදානය කෙරේ.
රන් අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය කුඩා පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන, විසිතුරු මල් වගාකරුවන්, මත්ස්‍ය වගාවේ නියැලෙන ව්‍යාපාරිකයන් සඳහා ලබාදේ. මෙහිදී රු. ලක්ෂ 50 ක් දක්වා ණය මුදලක් 50% ක පොලි සහනාධාරයක් සමග 6.75% පොලි අනුපාතක් යටතේ ලබාගත හැක. ගොවි නවෝදා ණය ක‍්‍රමයේ ප‍්‍රතිලාභ ලබාගත හැක්කේ කුඩා පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන සඳහා අවශ්‍ය යන්ත‍්‍ර සුත‍්‍ර ලබා ගැනිමට රු.500,000 දක්වා ණය ලබාගත හැකි අතර 3.38% ක පොලියක් මේ සඳහා අයකරනු ලැබේ. හෝම්ස්ටේ (Home Stay) ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබාගත හැක්කේ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී සිටින සංචාරක සේවා සැපයීමෙහි නිරත කුඩා පරිමාණ හෝටල්හිමියන්ට වන අතර ඔවුන් සඳහා රුපියල් ලක්ෂ 50 ක උපරීමයකට යටත්ව ණය ලබාගත හැක. මෙහිදී 6% ක පොලි අනුපාතයක් අය කරනු ලැබේ. ජය ඉසුර ණය යෝජනා යටතේ ණය ලබාගත හැකිවන්නේ කෘෂිකාර්මික, ධීවර, විසිතුරු මල් වගාව, ගෙවතු වගාව, මුද්‍රණය, සංචාරක, අත්කම්, තොරතුරු, තාක්ෂණය, ලුහු ඉංජිනේරු යන ක්ෂේත‍්‍රවල නියුතු පුද්ගලයන් සඳහා වේ. මෙහිදී රුපියල් මිලියන 400 උපරීමයකට යටත්ව ණය ලබාගත හැක.