The Safest Place for your Money |

NSB Bank Sri Lanka Banner
ලක්දිරිය ණය මුදල් පිරිනැමීමේ උත්සවය

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ගරු ලකෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ සංකල්පයක් මත ක‍්‍රියාවට නැංවුණු ”ලක්දිරිය – හෙට දිනන්නට නව මගක්” වැඩසටහන යටතේ බැංකුව විසින් තෝරාගත් ගනුදෙනුකරුවන් සඳහා ණය මුදල් පිරිනැමීමේ උත්සවය 2018 ජුලි මස 16 දින මහනුවර  නගර සංවර්ධන  අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් ගනුදෙනුකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි. රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම්තුමිය, මහනුවර නගරාධිපතිතුමා, නාගරික සභිකයින්, නාගරික කොමසාරිස්තුමා, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යංශයේ නිළධාරීන් මෙන්ම තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ මෙම උත්සවයට බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මැතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන සුරංග නාවුල්ලගේ මැතිතුමා, නිතිඥ අනිල් රාජකරුණා මැතිතුමා සාමාන්‍යාධිකාරී ධම්මික පෙරේරා මැතිතුමා, ආයතනික හා විධායක කළමණාකාරීත්වයේ මහත්ම මහත්මීන්  ඇතුළු බැංකු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ රැසක් ද සහභාගීවී සිටියහ.

Digital Banking