The Safest Place for your Money |

NSB Bank Sri Lanka Banner
ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වැනි වෙසක් මංගල්‍යය බැති සිතින් සැමරන ලද වගයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2570 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් පෙළගස්වන ලදී .

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බෞද්ධ සංගමයේ ආරාධනාවෙන් අති පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනා වැඩසටහනක් කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වින.

 එමෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බැති ගී කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබු සම්මා වායාම බැති ගී සරණියේ ප්‍රථම සජීවි වැඩසටහන සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නිතීඥ හර්ෂ කබ්රාල් මැතිතුමා, වැඩබලන සාමාන්‍යධීකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී රෝහණ බණ්ඩාර වීරකොන් මැතිතුමා ඇතුළු ඉහල කළමනාකාරීත්වය සහභගී වූහ.

 එහි දෙවන ඉදිරිපත් කිරීම ජූනි මස 01 වැනි දා  ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී පැවත්විනි. මෙම අවස්ථාවට ඉතිරිකිරීමේ බැංකු කාර්යමණ්ඩලයේ සැමට සහ පවුල්වල සාමාජිකයන්ට ද ඇරයුම් කරන ලද අතර , ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී රෝහණ බන්ඩාර වීරකෝන් මහතා ඇතුඵ ඉතිරිකිරීමේ බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය , බැංකු කාර්මණ්ඩලය සහ ආරාධිතයන් රැසක් සහභාගී වූහ .

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛා ජාලය සහ විවිධ අංශ නියෝජනය කරමින් ඉදිරිපත් වූ , බොදු බැති ගී කණ්ඩායම  සමිමා වායාම බැති ගී සරණියේ දී ප්‍ර‍කට බොදු බැති ගී රැසක් ගායනා කලහ .

 එහි පුහුණු කිරීම සහ සංගීත සංයෝජනය ප්‍රවීන සංගීතවේදී රෝහණ බෝගොඩ මහතාගේ මූලිකත්වයෙන් යුතු ප්‍රවීන සංගීතඥයින් පිරිසක් විසින් සිදුකරන ලදි.

තවද,  ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛා ජාලය සහ විවිධ අංශ කේන්ද්‍ර කර ගනිමින් ද වෙසක් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී .

Digital Banking