The Safest Place for your Money |

NSB Bank Sri Lanka Banner
ජාත්‍යන්තර කාන්තා දිනය සමග අගයමු ස්ත‍්‍රී

ශ‍්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් මේ වන විට කාන්තා නියෝජනය 50% ඉක්මවා ඇති අතර ලෝකයේ අනෙක් රටවලත් ශ‍්‍රම බලකායේ කාන්තා නියෝජනය කැපී පෙනෙන වර්ධනයක් දක්නට ඇත. ස්වභාවධර්මයාගෙන් කාන්තාවට දියණියක් යෙහෙළියක්, සොයුරියක්, බිරිඳක්, මවක්, මිත්තණියක් ලෙස විවිධ භූමිකා නිරූපණය කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, වෘත්තියවේදීන් ලෙස වර්තමාන කාන්තාව පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පවුලේ කොඳු නාරටිය බවට පත්ව ඇත.

ශ‍්‍රී ලංකාවේ වැඩිම ගිණුම් ප‍්‍රමාණයක් සහ ගණුදෙනුකරුවන් පිරිසක් හිමි ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමග ගණුදෙනු කරන ශ‍්‍රී ලංකාවේ සිටින මුළු මහත් කාන්තා පරපුර අගය කරන්නට හා දිරිමත් කිරීමට ජාත්‍යන්තර කාන්තා දිනය තේමා කරගනිමින් විශේෂ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරිකිරීමේ  බැංකුව වසර 46 ක් මුළුල්ලේ ශ‍්‍රී ලාංකීය ජනතාවට ”සකසුරුවම්කම” අනන්‍ය වූ ජන බලවේගයක් බවට පත් කිරීමේ කාර්යයේ මුල් තැන ගෙන සිටී.

ස්ත‍්‍රී, පුරුෂ, බාල, තරුණ, මහලු ආදී කිසිදු භේදයකින් තොරව ඉතිරිකිරීම සෑම මනුෂ්‍යයෙකුගේම පුද්ගල ජීවිතයට අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ජනතාවට තම ආදායම් උපදවා ගනිමින් දෛනික අවශ්‍යතා සපුරා ගන්නටත් මුදල් කියන සාධකය අතිශය තිරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. අප ජීවත් වන සමාජයේ බෙහොම සුළු පිරිසකට පමණයි උපන් අවස්ථාවේ පටන්ම ආර්ථිකමය වපසරියකට හිමිකම් කියන්නට ලැබෙන්නේ. ජනතාවගෙන් අති බහුතරයකට තමන් විසින්ම අදායම් උපදවා ගනිමින් තම අවශ්‍යතා පිරිමසා ගන්නට සිදුව තිබේ. මේ හේතුවෙන් අප ඉතිරිකිරීම පුහුණු විය යුත්තේ කුඩා අවධියේ සිටයි.

මේ අනුව බැංකුවක මුදල් තැන්පත් කිරීමෙන් ආරක්ෂිත බව වගේම තමන් තැන්පත් කළ මුදලේ වටිනාකමට නිශ්චිත ආදායමක් හිමිකරගන්නට පුළුවන්. අපේ රටේ ජනතාව තුළ ඉතිරිකිරීම සම්බන්ධව මිත්‍යා මත රාශියක් ගොඩනැගී ඇත.

ඒ මත දුරු කර ජනතාව තුළ ඉතිරිකිරීමේ පුරුද්ද වඩ වඩාත් ඉහළ නැංවිමේ අරමුණ ඇතිවයි , පුර්ණ රාජ්‍ය වගකීම හිමි ජාතික ඉතිරිකිරීමේ බැංකුව 1972 වර්ෂයේ සිට කටයුතු කරන්නේ. බොහෝ අය සිතනවා දිනෙන් දින ජිවන වියදම වැඩි වන නිසා ඉතිරිකිරීම අපහසු දෙයක් කියා. නමුත් කෙනෙකුට ඉතිරිකිරීමේ සැබෑ උවමනාවක් තියෙනවා නම් ඒ කාර්යය අපහසු නැහැ. මුදල් වියදම් කරන සෑම කෙනෙකුගේම යුතුකම සහ වගකීම වන්නේ අරපිරිමැස්මෙන් මුදල් වියදම් කරමින් හැකි තරම් මුදල් ඉතිරිකිරීමයි.

ආසියාතික රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාථමික සමාජ ඒකකය වන පවුල තුළ අරපිරිමැස්ම, ඉතිරිකිරීම හුරු කිරීමේ පුරෝගාමී කාර්යභාරය ඉටුකරන්නේ ගෘහණියයි. ඇයගේ නායකත්වය හා කළමණාකාරීත්වය යටතේ ගෘහය පාලනය වන අතර පවුලේ අවශ්‍යතා සඳහා හිමිවන ආදායම් අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීමේ වගකීම එදා සිට අද දක්වාම හිමිවන්නේ කාන්තාවන්ටයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව කාන්තාවන්ට ප‍්‍රතිලාභ රැසක් අත්පත් කරදීමේ අරමුණ ඇතිව ”ස්ත‍්‍රී” ඉතිරිකිරීමේ ගිණුම සහ ”දිරිය ස්ත‍්‍රී” නමින් ණය යෝජනා ක‍්‍රමයක්ද හඳුන්වා දී ඇත. ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් කරා යන ගමනේදී මුදල් ඉතිරිකිරීමේ සහ ගෘහ කළමනාකරණය තුළින් කාන්තාවන්ගේ දායකත්වය ඒ සඳහා නොඅඩුව ලබාගැනිමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව නිරතුරුවම ක‍්‍රියාත්මක වේ.

සෑම වසරකම පාහේ මාර්තු 08 වැනි දිනට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් ජාතික ඉතිරිකිරිමේ බැංකුව සුවිශේෂි වැඩසටහනක් දියත් කර ඇත. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ” ස්ති‍්‍ර ”ගිණුම් හිමිකාරිනියන්ට සහ නව ස්ති‍්‍ර ගිණුම් ආරම්භ කරන කාන්තාවන් සඳහා අත්බෑග්, මුහුණ බලන කාණ්නාඩි සහ පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ලෙදර් මුදල් පසුම්බි ත්‍යාග වශයෙන් ලබාදීමට සුදානම් කර ඇත.

එසේම NSB ශාඛා හරහා මාර්තු මාසය පුරා ඔබට පෞරුෂවර්ධන සහ රූපලාවන්‍ය උපදෙස් ලබාදීමේ වැඩසටහනක්ද සංවිධානය කර ඇත. මේ සඳහා ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පින් සහභාගි විමට නියමිතයි. මේ වැඩසටහන ඔස්සේ ජාතික ඉතිරිකිරිමේ බැංකුව බලාපොරොත්තු වන්නේ කාන්තාවන්ට අඩු වියදමින් නිවසේදීි පහසුවෙන් කළ හැකි රූපලාවන්‍ය සත්කාර පිළිබඳ දැනුවත් කිරිමයි. මෙම පෞරුෂ වර්ධන හා රූපලාවන්‍ය වැඩසටහන් මගින් කාන්තාවන්ගේ ස්වයං ප‍්‍රතිරූපය වර්ධනය මෙන්ම සමාජයේ  තම අනන්‍යතාවය පිළිබිඹු කරමින් කැපී පෙනෙන භුමිකාවක් නිරුපණයට කාන්තාවට මග පෙන්වීමක් ලබාදේ.

ඒ වගේම දිවයින පුරා පිහිටි ආයතන රැසකින් සුවිශේෂි වට්ටම් යටතේ ප‍්‍රතිලාභ රැසක් ලබා ගැනීම සඳහා ” ස්ත‍්‍රී ” ගිණුම පවත්වාගෙන යන කාන්තාවන්ට සුවිශේෂි Debit card පතක් හදුන්වාදීමටද කටයුතු සුදනම් කර ඇත.

සියලුම ශි‍්‍ර ලාංකික කාන්තාවන්ට ජාතික ඉතිරිකිරිමේ බැංකුව සමඟ එක්ව ”ස්ත‍්‍රී ” ගිණුම හරහා ඉතාම ආරක්ෂිතව මුදල් ගනුදෙනු සිදුකරන්නටත්  ජාතික ඉතිරිකිරිමේ බැංකුව හඳුන්වා දී ඇති ණය යෝජනා ක‍්‍රම ඔස්සේ තම ව්‍යවසායක හැකියාවන් දියුණු කරන්නටත් දැනට තමා සතු Debit card පත වෙනුවට කාන්තාවන් සඳහාම හඳුන්වා දෙන්නට නියමිත EMV තාක්ෂණය සහිත  Chip Debit Card පත ලබා ගැනීමටත්  ජාතික ඉතිරිකිරිමේ බැංකුව හා එක්වන ලෙස ආරධනා කරමු.

 

 

 

Digital Banking