NSB රන්මසු
පුද්ගලික විදේශ මුදල් ගිණුම ( Personal Foreign Currency Account – PFCA)
- පුද්ගලික විදේශ මුදල් ගිණුම (අනේවාසික) – ශ‍්‍රී ලංකාවේ වාසය නොකරන ගණුදෙනුකරුවන් සඳහා
- පුද්ගලික විදේශ මුදල් ගිණුම (නේවාසික) – ශ‍්‍රී ලංකාවේ වාසය කරන ගණුදෙනුකරුවන් සඳහා
ඔබට එක්සත් ජනපද ඩොලර්, යුරෝ, මහා බ්‍රිතාන්‍ය පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර් සහ ජපන් යෙන් යන මුදල් ඒකක වලින් රන්මසු පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (අනේවාසික / නේවාසික) ආරම්භ කළ හැකිය.
පුද්ගලික විදේශ විනිමය ගිණුමක් (අනේවාසික) ආරම්භ කළ හැක්කේ කාටද?
- ජාතිය හෝ සම්භාවය ශ‍්‍රී ලාංකික වන බාලවයස්කරුවෙකු ඇතුළු ඕනෑම පුද්ගලයෙකුට
- ශ‍්‍රී ලංකාවට සංචාරක අරමුණ මත පැමිණි විජාතිකයෙකුට
- විදේශ රටවල සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයන්ට, ඔවුන් සේවයේ යෙදී සිටින අතරතුර හෝ මෙරටට ආපසු පැමිණි දින සිට දින 152 ක් ඇතුළත.
- වෙනත් ඕනෑම බැංකුවක පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (අනේවාසික) පවත්වාගෙන යන ශ‍්‍රී ලාංකිකයන් (මුදල් මාරු කිරීම ඔස්සේ).
පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (නේවාසික) ආරම්භ කළ හැක්කේ කාටද?
- ශ‍්‍රී ලංකාවේ වාසය කරන ශ‍්‍රී ලාංකික ජාතිකයන්ට හෝ විජාතිකයන්ට
ආරම්භ කළ හැකි පුද්ගලික විදේශ මුදල් ගිණුම් වර්ග
ඉතිරිකිරිමේ ගිණුම්
මෙය පොලිය උපදවන ගිණුමකි. මාසය සඳහා පවත්නා අවම ශේෂය මත පොලිය ගණනය කර වර්ෂය අවසානයේදී ගිණුමට බැර කෙරේ. පාස්පොත වෙනුවට ජුනි හෝ දෙසැම්බර් මාස අවසානයේදී බැංකු ප‍්‍රකාශයක් තැපෑලෙන් එවනු ලැබේ. සියළු ප්‍රේෂණ, අයිරා, තැන්පත් කරන ලද ගෙවීම් නිවේදන හා ගිණුමෙන් ආපසු ගත් මුදල් සඳහා නිවේදනයක්ද ඔබ වෙත තැපෑල මගින් යොමු කෙරේ.
- පුද්ගලික විදේශ මුදල් ගිණුම (අනේවාසික) සඳහා අවම ශේෂය – එක්සත් ජනපද ඩොලර් / යුරෝ, මහා බ්‍රිතාන්‍ය පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර් 25/- සහ ජපාන යෙන් 3,000/-
- පුද්ගලික විදේශ මුදල් ගිණුම (නේවාසික) සඳහා අවම ශේෂය – එක්සත් ජනපද ඩොලර්/ යුරෝ/ මහා බ්‍රිතාන්‍ය පවුම් 100/- ඕස්ට්‍රේලියානු ඩොලර් 150/- සහ ජපාන යෙන් 12,000/-
පුද්ගලික විදේශ මුදල් ගිණුම (අනේවාසික) යටතේ ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලේඛණ මොනවාද?
- ගිණුම් විවෘත කිරිමේ අයදුම් පත‍්‍රය
- විදේශ ගමන් බලපත‍්‍රයේ පුද්ගලික/ වීසා තොරතුරු සහ හෝ පුරවැසිභාවය සමග බාලවයස්කරුවන් ඇතුළු ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත ශ‍්‍රී ලාංකිකයන්ට රජය ලබාදී ඇති වීසා හා ස්වාභාවය සඳහන් වන පිටු වල ඡායා පිටපත්
- අත්‍යවශ්‍ය ප‍්‍රකාශය (ඇමුණුම 1,11,111)
- විජාතිකයක් සඳහා – ශ‍්‍රී ලංකාව තුල රැකියාව හා රැකියා ස්ථානය හා සම්බන්ධ තොරතුරු සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබාදී ඇති විදේශ ගමන් බලපත‍්‍රය හා වීසා.
පුද්ගලික විදේශ මුදල් ගිණුම (නේවාසික) යටතේ ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලේඛණ මොනවාද?
- ගිණුම් විවෘත කිරීමේ අයදුම් පත‍්‍රය.
- අනන්‍යතාවය සනාථ කිරිමේ ලේඛණ (ගමන් බලපත‍්‍රය/ ජාතික හැදුනුම් පත / රියදුරු බලපත‍්‍රය)
- අත්‍යවශ්‍ය ප‍්‍රකාශය (ඇමුණුම 1,11,111)
- විජාතිකයන් සඳහා ශ‍්‍රී ලංකාව තුල රැකියාව හා රැකියා ස්ථානය හා සම්බන්ධ තොරතුරු සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබාදී ඇති විදේශ ගමන් බලපත‍්‍රය හා වීසා.
(මුල් ලේඛණයේ ඡායා පිටපතක් මුල් ලේඛණය සමග ඉදිරිපත් කළ යුතුය).
ස්ථාවර තැන්පතු
මෙය මාස 1,3,6 සහ 12 යන කාල සීමා සඳහා ආරම්භ කළ හැකි පොලිය උපදවන ගිණුමකි. ගිණුම ආරම්භ කළ දින සිට හෝ අවසාන වරට ගිණුම අළුත් කරන ලද දින සිට පොලිය ගණනය කෙරෙන අතර කල් පිරීමේදී පොලිය ගෙවනු ලැබේ. සෑම තැන්පතුවක් සඳහාම ස්ථාවර තැන්පතු ලදුපතක් නිකුත් කෙරේ. තැන්පතුව කල් පිරීමේදී ඒ මත ඉපයූ පොලිය සමග දැනුම්දීමකින් තොරව ස්වයංක‍්‍රීයව අලුත් කිරීම හෝ පොලිය ගෙවීමෙන් පසු මූලික තැන්පතුව අළුත් කිරීම සඳහා පහසුකම් සලසා ඇත.
- පුද්ගලික විදේශ මුදල් ගිණුම (අනේවාසික / නේවාසික) සඳහා අවම ශේෂය
එක්සත් ජනපද ඩොලර් / යුරෝ/ මහා බ්‍රිතාන්‍ය පවුම් / ඔස්ට්‍රේලියානු ඩොලර් 500/- සහ ජපානයෙන් 60,000/-
තනි පුද්ගල හෝ බද්ධ ගිණුම් වශයෙන් ගිණුම් ආරම්භ කළ හැකි අතර සංචාරයක් සඳහා තාවකාලිකව ශ‍්‍රී ලංකාවට පැමිණි හෝ පැමිණීමට අපේක්ෂා කරන විජාතිකයන්ට පහත දැක්වෙන වගන්ති හා කොන්දේසි ප‍්‍රකාරව විවෘත කළ හැක්කේ තනි පුද්ගල ගිණුම් පමණි.
පුද්ගලික විදේශ මුදල් ගිණුම (අනේවාසික ) /(නේවාසික) යටතේ ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය ලේඛණ මොනවාද?
- ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත‍්‍රය
- අනන්‍යතාවය සනාථ කිරීමේ ලේඛණ (විදේශ ගමන් බලපත‍්‍රය / ජාතික හැදුනුම්පත/ රියදුරු බලපත‍්‍රය)
- අත්‍යාවශ්‍ය ප‍්‍රකාශය
- ආයතන වලට අදාල ලේඛණ සඳහා අපගේ ජාත්‍යන්තර අංශය අමතන්න.
- ගිණුම විවෘත කිරිමේ අයදුම් පත‍්‍රයේ ගිණුමේ නම, “PFCA (NR)” හෝ “PFCA(R)” ලෙස සඳහන් කර අපගේ දේශීය හෝ විදේශීය නියෝජිතයෙකු වෙත භාරදෙන්න.
පුද්ගලික විදේශ මුදල් ගිණුමේ තැන්පත් කළ හැකි මුදල් ඒකක මොනවාද?
එක්සත් ජනපද ඩොලර්/ යුරෝ / මහා බ්‍රිතාන්‍ය පවුම් / ඔස්ට්‍රේලියානු ඩොලර් / ජපන් යෙන් යන මුදල් ඒකක වලින් පමණක් ගිණුම විවෘත කර පවත්වාගත හැකි වුවත් වෙනත් මුදල් ඒකක වලින්ද ගිණුමට තැන්පතු පිළිගැනේ.
ඉපයීම් කෙරෙහි පොලී අනුපාතය බලපවත්වන්නේ කෙසේද?
රන්මසු පුද්ගලික විදේශ මුදල් ගිණුම යටතේ වන ඉතිරිකිරීමේ ගිණුම් වලට අදාල පොලී අනුපාත වෙළඳපල අනුපාත අනුව තීරණය වන අතර නොදැනුවත්වම වෙනස් විය හැකිය. රන්මසු පුද්ගලික විදේශ මුදල් ගිණුම යටතේ වන ස්ථාවර තැන්පතු ගිණුම් වලට අදාල පොලිය තැන්පතුව සිදු කළ /අළුත් කරන ලද දිනය අනුව වෙළඳපොල අනුපාත මත පදනම්ව ප‍්‍රකාශයට පත් කෙරේ. ඔබ ගිණුම පවත්වාගෙන යන මුදල් ඒකකයෙන් පොලිය ගණනය කර ගිණුමට බැර කෙරේ.
තැන්පතුව ආරම්භ කළ හැක්කේ කෙසේද?
- ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විදේශ නියෝජිතයන් ඔස්සේ,
- ජාත්‍යන්තර බැංකු නාලිකා ඔස්සේ විදේශ රටවල සිට සෘජුවම ලැබෙන ආමුඛ ප්‍රේෂණ.
- බැංකුව සබඳතා පවත්වන අනෙකුත් බැංකු / හුවමාරු මධ්‍යස්ථාන / ලොවවටා පිහිටි මුදල් හුවමාරු සමාගම් වැනි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් ප්‍රේෂණ මාර්ග ඔස්සේ
- යුරෝජයිරෝ තැපැල් ජාලය ඔස්සේ.
- ගිණුම් හිමියා විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික විදේශ මුදල් ගිණුම් විජාතික අනේවාසික විදේශ මුදල් ගිණුම් හෝ විජාතික නේවාසික විදේශ මුදල් ගිණුම් සහ බලපත‍්‍රලාභී වාණිජ බැංකුවක අක් වෙරළ බැංකු ඒකකයක පවත්වාගෙන යනු ලබන ගිණුම් වල සිට මුදල් හුවමාරු කිරීම.
- ගිණුම් හිමියා මෙරටට පැමිණි අවස්ථාවලදී සුදුසු පරිදි ශ‍්‍රී ලංකා රේගුව වෙත සිදු කරන ලද ප‍්‍රකාශයකින් හා අදාල ගිණුම් හිමියා විසින්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත දන්වන ලද පිරිදී ශ‍්‍රී ලංකාවට බාහිරව පිහිටි බැංකුවක් විසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු ස්වරූපයෙන් පවත්නා බැංකු අයිරා
මුදල් හා ප්‍රේෂණය කිරිමේදී ප්‍රතිලාභියාගේ ගිණුම සහ බැංකුවේ තොරතුරු (මුදල් ප්‍රේෂණය කිරිමේදී ගිණුම් අංකය, නම සහ බැංකුවේ ස්විෆ්ට් කේතය (SWIFT CODE)) සම්බන්ධෙයන් හැම විටම නිරවද්‍යභාවය සහතික කරගැනීමට උත්සුක වන්න.
“නේවාසික” යන්නෙහි නිර්වචනය, 2017/11/20 දිනැති හා 2045/56 දරණ ගැසට් පත‍්‍රයෙන් ප‍්‍රකාශයට පත් කර තිබේ.
පුද්ගලික විදේශ මුදල් ගිණුමෙන් (අනේවාසික) හෝ (නේවාසික) මුදල් ආපසු ගන්නනේ කෙසේද?
ගිණුම් හිමියාගේ ලිඛිත ඉල්ලීම මත මුදල්, බැංකු අයිරා හෝ විදුලි පණිවුඩ හුවමාරු යන ආකාර වලින් මුදල් ආපසු ගැනිම සිදු කළ හැක.
මේ සඳහා අවශ්‍ය ලේඛණ මොනවාද?
- පුද්ගලිකව අයදුම් කිරිමෙන් (පුද්ගලික විදේශ මුදල් (අනේවාසික) / (නේවාසික) මුදල් ආපසු ගැනිමේ පත‍්‍රය)
- ගිණුම් හිමියාගේ ලිඛිත උපදෙස් මත තෙවන පාර්ශවයක් වෙත මුදල් හුවමාරු කිරීම්
ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පිරිනමනු ලබන ප‍්‍රතිලාභ?
- ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ රුපියල් ගිණුම් වෙත මුදල් හුවමාරු කිරිම සඳහා නොමිලේ සැපයෙන ස්ථාවර නියෝග පහසුකම්
- රුපියල් මිලියන 3 ක් දක්වා පුද්ගලික ණය පහසුකම්
- සිත් ඇදගන්නා සුළු පොලී අනුපාත යටතේ තැන්පතු ශේෂයෙන් 80% ක් දක්වා රුපියල් ණය (ස්ථාවර තැන්පතු )
- බැංකු අයිරා නිකුත් කිරීම සහ විදුලි පණිවුඩ හුවමාරු සිදු කිරීම
- නාම යෝජනා සඳහා පහසුකම්
- ඉතුරුම් ගිණුම්වල ශේෂ ස්ථාවර තැන්පතු වෙත හුවමාරු කිරිමේ හැකියාව
- අවදානම් රහිතයි – 100% ක රාජ්‍ය ආරක්ෂාව
- තරඟකාරී පොලී අනුපාත
ගිණුම පරීක්ෂා කළ හැක්කේ කෙසේද?
- දුරකථන ඇමතුමක් මගින්
- ශාඛාවට පැමිණීමෙන්
- අන්තර්ජාල බැංකු සේවය ඔස්සේ
මෙහි සපයා ඇති තොරතුරු වර්තමාන රෙගුලාසි මත පදනම්ව වන අතර එම කරුණු දැනුම්දීමකින් තොරව සංශෝධනය වීමේ හැකියාව ඇත.