ජාතික ඉතිරිකිරීමේ සහතික
ජාතික ඉතිරිකිරීමේ සහතිකයක් යනු කුමක්ද?
ජාතික ඉතිරිකිරීමේ සහතික යනු කල්පිරීමට පෙර පොලිය ලබාදෙන ඉතුරුම් නිමැවුමකි. මාස 3, 6, 12, 24, 36 සහ 48 සඳහා රු.500/-, රු.1,000/-, 5,000-, රු.10,000/- සහ රු.25,000/- ආදී විවිධ වටිනාකම් යටතේ ජාතික ඉතිරිකිරීමේ සහතික මිලදී ගත හැක.
ඔබ ජාතික ඉතිරිකිරීමේ සහතික මිලදී ගත යුත්තේ ඇයි?
කල්පිරීමේදී ඔබගේ සහතිකය බැංකුවට ඉදිරිපත් කරන විට කල් පිරුණු දින සිට ඔබගේ පොලීය ගෙවනු ඇත.
ඔබගේ සහතිකය සමග ඔබට කළ හැකි දෑ බොහෝය. වයස අවුරුදු 7ට වැඩි ඕනෑම අයෙකුට ජාතික ඉතිරිකිරීමේ සහතිකයක් මිලදී ගත හැකිය. මෙය වෙනත් කිසිදු බැංකුවකින් ඔබට හිමි නොවන ආකාරයේ පහසුකමකි. කල් පිරෙන දිනයට ප‍්‍රථම සහතිකය ඉදිරිපත් කරන ලද නම් සම්පුර්ණවූ සෑම මාසයක් සඳහාම අඩු කළ පොලි අනුපාතයක් යටතේ පොලිය ගෙවනු ලැබේ.
මෙයද ඔබගේ ආදරණීයයන් වෙත ත්‍යාගයක් ලෙස ලබාදිය හැක.
දිවයින පුරා පිහිටි ඕනෑම NSB ශාඛාවකින් ජාතික ඉතිරිකිරීමේ සහතික මිලට ගත හැක.
වැඩි විස්තර සඳහා 24 පැයේ ක‍්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය (අංක +94 11 2 379379) අමතන්න.