NSB වෙළඳ සේවා
ඔබ ණය පහසුකම් ලබාගැනීමට උත්සහ කරන ආනයනකරුවෙක්ද? ඔබගේ අවශ්‍යතාව ඉටු කරදෙන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අප සුදානම්. අපගේ ගණුදෙනුකරුවන්ට ලබාගත හැකි NSB වෙළඳ සේවා පහත පරිදි වේ.
- ආනයන ණයවර ලිපි නිකුත් කිරිම – වාහන ආනයනය සම්බන්ධයෙන් අපි මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරමු.
- ණයවර ලිපි යටතේ ආනයන බිල්පත් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම.
- ණයවර ලිපි වලට අදාලව අත්සන් තැබෙන ගිවිසුම මත ආනයන බිල්පත් සම්බන්ධයෙන් කටයුතු කිරිම.
- මුලික ලේඛණ වල පිටපත් මත භාණ්ඩ නිදහස් කිරිම සඳහා නාවුක හා ගුවන් ප්‍රවාහන සහතික නිකුත් කිරීම.
ප්රතිලාභ
- ජංගම ගිණුමක් පවත්වාගැනීම අවශ්‍ය නොවේ. ඔබගේ NSB කාලීන තැන්පතු/ ඉතිරිකිරිමේ ගිණුම ඒ සඳහා ප්‍රමාණවත් වේ.
- අවදානම් රහිතයි – 100% ක රාජ්‍ය ආරක්ෂාව සහිත බැංකුවකි
- අවම ලියකියවිලි
- වේගවත් හා ආචාරශිලී සේවය
- ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකින් මෙම සේවා ලබාගත හැක
- ආකර්ෂණීය ගාස්තු ව්‍යුහය
- තරඟකාරී අනුපාත
- අපගේ සම්බන්ධිත බැංකු ජාලය ඔස්සේ සහතික කොට ඇති ගෝලීය ප්‍රවේශය
අවශ්‍ය ලේඛණ
- නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය
- බඩු සවිස්තර ලේඛණය
- ජාතික හැදුනුම්පතේ පිටපතක්
- නාවුක ප්‍රවාහනයට අදාල ලේඛණ (නාවුක හා ගුවන් භාණ්ඩ ප්‍රවාහන සහතික සඳහා)
ඉක්මන් කරන්න මේ ලිපිනයේ පිහිටි අපගේ ජාත්‍යන්තර අංශයට අදම පිය නගන්න.
NSB වෙළඳ සේවා ඒකකය
ජාත්‍යන්තර අංශය,
701/1, චැතම් වීදීය,
කොළඹ 01.
දුරකථන : 011 2 332018
ඊමේල් : tradeservices@nsb.lk
වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2 379379 අමතන්න.