ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

NSB ස්පීඩ් කෑෂ්

NSB ස්පීඩ් කෑෂ් යනු?

ඕනෑම පාර්ශව දෙකක් අතර මුදල් හුවමාරු සඳහා පහසුකම් සලසන සුරක්ෂිත හා වේගවත් මුදල් හුවමාරු සේවාවකි.

ඒ සඳහා පවතින ක‍්‍රමවේද මොනවාද?

  • මුදලින් තැන්පත් කරන්න

මුදල් හුවමාරුව NSB ස්පීඩ් කෑෂ් හුවමාරු ලදුපත් (NSB Speed Cash transfer receipt) පුරවා ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවක මුදල් කවුළු වෙත ඉදිරිපත් කිරීමෙන් අදාල පාර්ශවය වෙත මුදල් තැන්පත් කළ හැක.

  • ඉතිරිකිරීමේ ගිණුමෙන් මුදල් ආපසු ගැනීම

මෙහිදී මුදල් යවන්නා බැංකුවේ ගිණුම් හිමියෙකු විය යුතු අතර මුදල් ලබන්නා බැංකුවේ ගිණුම් හිමියෙකුවීම අවශ්‍ය නොවේ. ඒ අනුව මුදල් යවන්නා හුවමාරු කළ යුතු මුදල් ප‍්‍රමාණය අඩු කළ යුතු අදාල ඉතිරිකිරිමේ ගිණුම් අංකයද ඇතුළත් කර නිසි පරිදි සම්පුර්ණ කරන ලද Speed Cash ලදුපතක් ශාඛාව වෙත භාරදිය යුතුය.

  • අන්තර්ජාල බැංකු සේවා

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම් ලබාගෙන තිබෙන ගණුදෙනුකරුවන්ට සිය ගිණුම හර කොට අපේක්ෂිත පාර්ශවය වෙත මුදල් හුවමාරු කළ හැකි අතර මුදල් ලබන්නාට එම මුදල්  ඕනෑම ජාතික ඉතිරිකිරිමේ බැංකු ශාඛාවක මුදල් කවුළුවකින් ලබාගත හැක.

  • මුදල් ලබාගන්නේ කෙසේද?

ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකින් සිය පුද්ගල හඳුනාගැනීීමේ අංකය (PIN) සහ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරිමෙන් මුදල් ලබාගන්නාට තමා නමින් හුවමාරු කරන ලද මුදල් ලබාගත හැක.

  • මුදල් හුවමාරු කිරිමේ සීමා තිබේද?

ඔව්. සීමා තිබේ. යම් පුද්ගලයෙකුට NSB ස්පීඩ් කෑෂ් සේවාව ඔස්සේ හුවමාරු කළ හැකි අවම මුදල රු:1,000/- ක් වන අතර උපරිම මුදල රුපියල් මිලියන 2 කි. එක් දිනකට එක් පුද්ගලයෙකුට සිදු කළ හැක්කේ එක් හුවමාරුවක් පමණි.

  • මේ සඳහා සේවා ගාස්තු ගෙවිය යුතුද?

ඔව්. නාමික ගාස්තුවක් මීට අදාළ වේ.

වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක ජාතික ඉතිරිකිරිමේ බැංකුව ඇමතුම් මධ්‍යස්ථානය (අංක +94 11 2 379379) අමතන්න.

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
බාගත කිරීම්
අන්තර්ජාල බැංකු සේවා