ප්රතික්රය ගිවිසුම් හා ප්රතිවර්තන ප්රතික්රය ගිවිසුම්
මෙම ගිවිසුම් පහත දැක්වෙන ලක්ෂණ සහිත මූල්‍ය උපකරණ වේ.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරනු ලබයි.
- අත්‍යවශ්‍යයෙන්ම කෙටි කාලීන වන අතර සාමාන්‍යයෙන් එක් දිනක සිට සතියකට සීමා වේ.
- ඉස්තරම් සුරැකුම් මත සිදු කෙරේ.
- පොලිය සහිත ණයකි.
- ඉපයු පොලිය මත රඳවාගත් බදු අය නොකෙරේ.
- රජය සුරැකුම සම්බන්ධයෙන් වගකියන හෙයින් ආපසු නොගෙවීමේ අවදානමක් නැත.
ප්රතික්රය ගිවිසුම් කෙටි කාලීන ආයෝජකයන් සඳහාය.
ප්රතික්රය ගිවිසුම ( Repo ) – සුරැකුම ආපසු විකිණීමේ අරමුණෙන් ගණුදෙනුකරු විසින් නියෝජිතයා වෙතින් සුරැකුම මිලට ගන්නා විට.
ප්රතිවර්තන ප්රතික්රය ගිවිසුම කෙටි කාලීන ගැණුම්කරුවන් සඳහාය.
ප්රතිවර්තන ප්රතික්රය ගිවිසුම් – සුරැකුම ආපසු මිලදී ගැනීමේ අරමුණෙන් ගණුදෙනුකරු විසින් නියෝජිතයා වෙත සුරැකුම අලෙවි කරන විට.
ප්රතික්රය ගිවිසුම් හෝ ප්රතිවර්තන ප්රතික්රය ගිවිසුම් ලබාගැනීම සඳහා පියනගන්න.
NSB ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි
අංක 400, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 11 2425010; +94 11 2425012; +94 11 2565956
ෆැක්ස් : +94 11 2574387
ඊමේල්: nsbfmc@nsb.lk; frontoffice.fmc@nsb.lk
SWIFT: NSBFLKLX
නැතිනම් ඔබට ළඟම පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවට එන්න. වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 112379379 අමතන්න.
ශ්‍රී ලංකා රජයේ 100% ක වගකීම සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් ලබාදෙයි.