පුද්ගල ඉතුරුම් මහා පරිමාණ ඉතුරුම් වෙත
NSB ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පුර්ණ පරිපාලිතයක් වන අතර ජනතාව වෙනුවෙන් ප‍්‍රාථමික වෙළඳපල ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම සඳහා එය ස්ථාපිත කර තිබේ.
NSB ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම, රුපියල් මිලියන 150 ක මූලික ප‍්‍රාග්ධනයක් සමඟ 2000 වර්ෂයේදී සිය මෙහෙයුම් ආරම්භ කළ අතර, බැංකුවේ සභාපතිතුමා ප‍්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ හා ආයතනික කළමනාකාරීත්වයේ නායකත්වය යටතේ සමාගම මේ වන විට ප‍්‍රශංසනීය වර්ධනයක් ළඟා කරගෙන තිබේ.
සමාගම, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරනු ලැබූ හා නියාමනය කෙරෙන බලපත‍්‍රලාභී ප‍්‍රාථමික ගණුදෙනුකරුවෙක් වන අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පුළුල් වූ ශාඛා ජාලය හා සුවිශේෂී රාජ්‍ය ආරක්ෂාව සමගින් ශක්තිමත් වී තිබේ.
ප‍්‍රාථමික වෙළඳ පොල යනු කුමක්ද?
ප‍්‍රාථමික වෙළඳපොල යනු ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරනු ලැබූ ප‍්‍රාථමික ගණුදෙනුකරුවන් මුල්‍ය වෙළඳපොල උපකරණ වල ගණුදෙනු කරන සුවිශේෂී හුවමාරුවකි. මහ බැංකුව විසින් රඳවාගන්නා ලද රාජ්‍ය සුරැකුම් කලින් කලට පවත්වන වෙන්දේසි වලදී ලංසු ඉදිරිපත් කර මිලදී ගැනීමට ප‍්‍රාථමික ගණුදෙනුකරුවන්ට හැකිය. සාමාන්‍යයෙන් මෙම සුරැකුම්, මහා පරිමාණ වටිනාකම් සහිත උපකරණ වේ. ඒවා මෙසේය.
- භාණ්ඩාගාර බිල්පත්
- භාණ්ඩාගාර බැඳුම්කර
- ප‍්‍රතික‍්‍රය ගිවිසුම් හා ප‍්‍රතිවර්තන ප‍්‍රතික‍්‍රය ගිවිසුම් (Repos and Reverse Repos)
NSB ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම සමග රාජ්‍ය සුරැකුම් හි ආයෝජනය කරන්නේ කෙසේද?
NSB ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම, ප‍්‍රාථමික වෙළඳපොල වෙන්දේසි වලදී රාජ්‍ය සුරැකුම් සඳහා ලංසු තැබීම හා මිලදී ගැනීම සිදු කරයි. ඉන්පසු, එම සුරැකුම් තරඟකාරි මිල ගණන් යටතේ ගණුදෙනුකරුවන් වෙත නිකුත් කෙරේ.
කොළඹ 03, කොල්ලුපිටියේ පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු ප‍්‍රධාන කාර්යාලයෙන් හෝ ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකින් අපගේ සේවා ලබාගත හැක.