NSB i Saver
NSB i Saver යනු?
NSB i Saver යනු ජනතාවට ඕනෑම වෙලාවක සිය බැංකු සේවා ඉටුකර ගැනිමේ පහසුව සලසා දීම ඔස්සේ ශ්‍රී ලාංකික ජනතාව අතර ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කිරීමත් ඒ ඔස්සේ ආයෝජනය සඳහා අවශ්‍ය ප්රාග්ධනය නිර්මාණය කිරීම හා අරමුදල් සංචලනය කිරීම සහතික කිරීම අරමුණු කරගෙන හදුන්වාදෙනු ලැබු ඩිජිටල් නිපැයුමකි.
NSB i Saver ඔස්සේ දැන් ඔබට ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබට ළඟම mCash නියෝජිතයා වෙතින් ඔබගේ ජාතික ඉතිරිකිරීමේ බැංකු ඉතිරිකිරීමේ ගිණුමෙහි මුදල් තැන්පත් කිරීමේ පහසුව සැලසී තිබේ.
NSB i Saver සමග ඔබට හිමිවන ප්රතිලාභ
- පුළුල් සේවා ආවරණයක්
- දීර්ඝ සේවා සැපයුම් කාලයක්
- සතිඅන්ත හා නිවාඩු දින වල බැංකු සේවා ලබාගැනීමේ පහසුව
- තත්කාලීන ගණුදෙනු ක්‍රියාවලිය
- පහසුව හා ඉක්මන් සේවාව
- තැන්පතු සංචලනය සඳහා අවම වියදම
ගිණුම් හිමියාගෙන් හෝ මුදල් තැන්පත් කරන තෙවන පාර්ශවකරුගෙන් මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
*කොන්දේසි සහිතයි. වැඩි විස්තර සඳහා 0710 379 379 අමතන්න.