ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

අන්තර්ජාල බැංකු සේවා

නොමිලයේ පිරිනැමෙන ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා සමගින් ඔබගේ නිවසේ හෝ සේවා ස්ථානයේ සිට බැංකු සේවා රැසක් ලබාගැනීමේ පහසුව අත්විඳින්න.

NSB ගිණුමක් පවත්වාගෙන යන  ඕනෑම ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා ලබාගත හැක.

මේ යටතේ ඔබට ලැබෙන සේවා

  • ඔබට අයත් ඕනෑම ගිණුම් සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ කර ගැනීම. (ඉතිරිකිරීමේ ස්ථාවර තැන්පතු, ණය, Easy ගිණුම්, පුද්ගලික විදේශ මුදල් ගිණුම් (නේවාසික හා අනේවාසික)
  • ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම
  • සේවා බිල්පත් ගෙවීම
  • ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හෝ වෙනත් බැංකුවල ඇති ස්වකීය හෝ තෙවන පාර්ශවයකට අයත් ගිණුම් වෙත මුදල් හුවමාරු කිරීම.
  • ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛා ජාලය තුල මුදල් කවුළු වෙතින් මුදල් හුවමාරු කරගැනීම.

කිසිදු ගාස්තුවකින් තොරව ඔබට නොමිලයේ පිරිනැමෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම් ලබාගැනීම සඳහා අදාළ අයදුම්පත‍්‍රය අපගේ නිල වෙබ් අඩවිය මගින් බාගත කරගෙන (Download) නිසි පරිදි සම්පුර්ණ කර ඔබ ගිණුම පවත්වාගෙන යන ශාඛාව වෙත භාරදෙන්න.

වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන  +94 11 2 379379 අමතන්න.

“ NSB අන්තර්ජාල බැංකු සේවා – බැංකුකරණයේ නුතන අවධිය වෙත ඔබ ගෙනයමින් ”

*කොන්දේසි සහිතයි.

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
බාගත කිරීම්
අන්තර්ජාල බැංකු සේවා