ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner
ජාතික ඉතිරිකිරීමේ බැංකු‌වෙන් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 6 ක ලාභාංශයක්

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය ඉතිරිකිරීමේ බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ  අධ්‍යක්ෂ මණ්ඩලය, එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 6 ක ලාභාංශයක් ලබාදීම අනුමත කර ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා කර ඇති අතර 2024 වසරේදී රුපියල් බිලියන 28.5 ක බදු පෙර ලාභයක් (PBT) ක් සහ 2025 වසරේ පළමු භාගය සඳහා රුපියල් බිලියන 25.5 ක බදු පෙර ලාභයක් උපයා ඇති අතර එහි මෙහෙයුම් විශිෂ්ටත්වය සහ යහපත් පාලන පිළිවෙත් හේතුවෙන්  මෙම සැලකිය යුතු දායකත්වය ලබාදීමට හැකි විය.

මෙම දායකත්වය පිළිබඳ නිල නිවේදනය පසුගියදා මුදල්  සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙන ලදී. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් මහතා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිළධාරී ශෂී කණ්ඩම්බි මහත්මිය සහ ප්‍රධාන මූල්‍ය නිළධාරී අජිත් අක්මීමණ මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.

අන්තර්ජාල බැංකු සේවා