‘කුමාරතුංග මුනිදාස සිසුවරම’ අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය
‘කුමාරතුංග මුනිදාස සිසුවරම’ අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය මෙවරත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රාහකත්වය සහිතව කොළඹ 7, ලක්ෂ්මන් කදිරගාමර් ආයතන ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී, 2022 වසරේ අ. පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී ‘සිංහල භාෂාව හා සාහිත්‍යය’ විෂයට දිවයිනේ ඉහළම ලකුණු ලබා ගත් කොළඹ, රාජකීය විද්‍යාලයේ සඳයුරු සනහස් ආරියසිංහ සිසුවා වෙත ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත් සංවර්ධන) අනුෂා ප්‍රනාන්දු මෙය විසින් රු. 100,000/- ක ශිෂ්‍යත්වයක් ඇතුළු ත්‍යාග පිරිනමන ලදී.
මෙම අවස්ථාව අර්ථවත් කරමින් මහා සංඝ රත්නය, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ආරාධිත අමුත්තන් රැසක් සහභාගි විය.