ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් හපන් ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලද සිසුන් ඇගයේ..
ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2023 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලැබූ සිසුන් පස්දෙනා අගයමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හපන් ශිෂ්‍යත්ව ප්රණාම ප්රදානය පසුගිය දා සිදුකෙරිණ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් වසර 20 කට වැඩි කාලයක් මුළුල්ලේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දක්වන සිසුන්ට උපහාර දැක්වීම සඳහා හපන් ශිෂ්‍යත්ව ප්රණාම වැඩසටහන වාර්ෂිකව පවත්වනු ලබයි. විභාගය සමත් වන සෑම හපන් සිසුවෙකුටම ශාඛා මට්ටමින් ත්‍යාග පිරිනැමෙන අතර, දිවයිනේ ඉහළම ලකුණු ලබන සිසුන් ජාතික මට්ටමේ උත්සවයකදී ඇගයීමට ලක්වේ.
ශිෂ්‍යත්ව විභාගයට ප්‍රථම ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් විභාග සම්මන්ත්රණ මාලාවක් සංවිධානය කරනු ලබන අතර එහිදී ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොත් ලබා දීම සිදු කෙරේ. එම සියළුම කටයුතු අනුමත මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කෙරේ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිළධාරී ශෂී කණ්ඩම්බි මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, කේ රවීන්ද්‍රන් මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), නාලිකා විජේසිංහ මහත්මිය, ප්‍රාදේශීය කළමණාකාර සුරංග බදුගේ මහතා සහ පිළිවෙලින් ගම්පහ සහ කඩවත ශාඛාවන්හි ශාඛා කළමණාකරුවන් වන අලහකෝන් බණ්ඩාර මහතා සහ චාන්දනී පීරිස් මහත්මිය මෙම අවස්ථාවට එක්වූහ.
- ගම්පහ සුමේධ විද්‍යාලයේ ඒ ජී ඒ දිනුජ ෂෙනුල් අක්මීමන
- ගම්පහ ගෝතමී විද්‍යාලයේ ඩබ්ලිව් ඒ හිරුෂ කේෂාන් විජේසිංහ
- අළුබෝමුල්ල මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව් හෙවිඳු හසරැල් පෙරේරා
- අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ නවංග හංසරාජ් ෆොන්සේකා
යන සිසුන් මෙහිදී ශිෂ්‍යත්ව ලබාගත්හ.
මෙම දරුවන් කැපී පෙනෙන අධ්‍යයන විශිෂ්ටත්වයක් පෙන්නුම් කර ඇති අතර, ඔවුන්ගේ අධ්‍යාපන ගමනට සහාය වීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව කැපවී සිටී. ඔවුන් වෙත පිරිනැමුණ හපන් ශිෂ්‍යත්ව ප්රණාම මගින් ඔවුන්ගේ වර්තමාන ජයග්‍රහණ ඇගයෙන අතරම අනාගතයේදී ඔවුන්ගේ අඛණ්ඩ සාර්ථකත්වය දිරිගන්වයි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව දරුවන් සමග සමීපව කටයුතු කරන අතර, සෑම අංශයකින්ම දස්කම් දැක්වීමට ඔවුන් දිරිමත් කරයි. ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීමට අමතරව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා විශේෂ ත්‍යාග ක්රමයක්ද මෑතකදී හඳුන්වාදෙන ලදී.
තවද, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) ආමන්ත්‍රණය කිරීමේ ප්රයත්නයක් ලෙස ‘English is Simple – “ඉංග්‍රීසි සරලයි” නමින් ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
අධ්‍යාපනය සහ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන මෙම අඛණ්ඩ කැපවීම සමස්ත ජාතිය වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් සහතික කිරීමෙහිලා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභිප්‍රාය පිළිබිඹු කරයි.