ඉංග්‍රීසි සරලයි
තිරසර සංවර්ධන ඉලක්කයන්
වත්මන් පරපුරේ අවශ්‍යතා සපුරා ගනිමින් ඉදිරි පරම්පරාවන්හි අවශ්‍යතා මෙන්ම දියුණුව සපුරා ගත හැකිවන පරිදි සම්පත් භාවිතා කිරීම තිරසර සංවර්ධන ලෙස අරුත් ගන්වා ඇත.
පෘථිවිය සහ මිනිස් සංහතිය සඳහා තිරසර හා ප්රත්යස්ථිතික අනාගතයක් ගොඩ නැංවීම තිරසර දියුණුවේ අභිප්‍රායයි.
2015 වසරේදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192ක් ‘තිරසර සංවර්ධනය සහ ඊට අදාළ ඉලක්කයන් 17ක් 2030 වසර වනවිට සපුරා ගැනීමට සඳහාවූ ප්රඥප්තියට තම සහාය ලබා දී ඇත.
ශ්‍රී ලංකාව සිය ආර්ථික, සමාජීය සහ පාරිසරික පරාමිතීන් එකට කැටිකර ගනිමින් තිරසර සංවර්ධනය වෙත ගමන් කිරීමට අවශ්‍ය මාර්ගය නිර්මාණය කිරීම මෙම වැඩසටහනෙහි මුඛ්‍ය පරමාර්ථයයි.
2016 වසරේ ජනවාරි මාසයේදී අප රට විසින් තිරසර ඉලක්ක ජයගැනීම උදෙසාවන මෙම වැඩසටහන ක්‍රියාවට නැංවූ අතර ඊට නායකත්වය දීමට හා 2030 වසර වනවිට එකී අරමුණු ජය ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිය සහයෝගය ලබාදීමට සැලසුම් සකස් කර ඇත.
මෙම තිරසර සංවර්ධන ඉලක්කයන් හෙවත් ගෝලීය අරමුණු මුළුමහත් ලෝකයටම ලබා දෙන පණිවිඩය නම් දිළිඳුකම තුරන් කිරීමටත්, අප ලෝකය රැක ගැනීමට සහ සියලු මනුෂ්‍ය ප්‍රජාවන්ට සාමය සහ සමෘද්ධිය තහවුරු කිරීමට අදම ක්‍රියාත්මකවන ලෙසයි.
2019 වසරේදී අප බැකුව මෙම ඉලක්කයන්හි ‘තත්වයෙන් උසස් අධ්‍යාපනයක්’ (Quality Education) යන තේමාව වෙනුවෙන් ‘ඉංග්‍රීසි සරලයි’ (English is Simple) යනුවෙන් ද්වීතික ඉංග්‍රීසි අධ්‍යාපනයේ ගුණාත්මය ඉහළ නැංවීම උදෙසා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
ඉංග්‍රීසි සරලයි (English is Simple)
ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි හා විදේශීය භාෂා ශාඛාවේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය දියත්වේ.
- අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයේ ඉංග්‍රීසි විෂය සමත්වීමේ ප්‍රතිශතය 50%ට අඩු ජාතික පාසල්හි 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් මෙම වැඩසටහනෙහි ප්රතිලාභීන්වේ
- මෙම වැඩසටහනෙහි අරමුණ ඉදිරි වසර වලදී මෙම තෝරාගත් පාසල්වල අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයය සමත්වීමේ ප්‍රතිශයතය ඉහළ නැංවීමයි
- මෙකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා විෂය දැනුමින් ව්‍යක්ත සම්පත් දායකයන්ගේ මෙහෙයවීමෙන් පෙළපොත් සම්පාදනය කර ඇත (ක්‍රියාකාරකම් හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර)
- මෙම ව්‍යාපෘතියෙහි අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීම 2019 ඔක්තෝබර් 11වනදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන් හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණ