ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

යුරෝජයිරෝ තැපැල් ජාලය

2008 වර්ෂයේදී යුරෝජයිරෝ ප‍්‍රජාව සමග අත්වැල් බැඳගනිමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් යුරෝජයිරෝහි සාමාජික ආයතන වෙතින් පහසුම හා වඩාත්ම විශ්වාසනීය මුදල් යැවීමේ මාර්ගය හඳුන්වා දෙන ලදී. විදේශ රටවල වාසය කරන ශ‍්‍රී ලාංකික ජනතාවට අවම පිරිවැයක් සහිත, ආරක්ෂාකාරී සහ වේගවත් පේ‍්‍රෂණ සේවාවක් සැපයීම අරමුණු කරගෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුව යුරෝජයිරෝ  තැපැල් ජාලය සමග එක් විය. යුරෝජයිරෝ යනු ලොවපුරා විසිරුණු තැපැල් කාර්යාල දහස් ගණනක් ආවරණය කරමින් දේශසිමා හරහා ගෙවීම් සිදු කිරිමට පහසුකම් සලසන ලොව විශාලතම තැපැල් ජාලයකි. මෙම රටවල සේවය කරන ශ‍්‍රී ලාංකික ජනතාවට තමන් විසින් උපයන ලද මුදල් යුරෝජයිරෝ පද්ධතිය හරහා  ශ‍්‍රී ලංකාවට එවීමට අවස්ථාව සැලසී තිබේ. පහත දැක්වෙන රටවල පිහිටි  ඕනෑම තැපැල් කාර්යාලයකින් මෙම පහසුකම ලබාගත හැක.

දකුණු  කොරියාව කොරියා පෝස්ට් – දකුණු කොරියාවේ පිහිටි තැපැල් කාර්යාල 3000 ක් එක්   ගණුදෙනුවක් සඳහා එක්සත් ජනපද ඩොලර් 8 ක් වැනි අඩු මුදලක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇති ප‍්‍රතිලාභීන්ගේ ගිණුමට එදිනම බැර කෙරේ.
ඊස්ශ‍්‍රායලය ඊස්ශ‍්‍රායල් පෝස්ට් – ඊස්ශ‍්‍රායලයේ පිහිටි තැපැල් කාර්යාල 700 ක් එක්      ගණුදෙණුවක් සඳහා එක්සත් ජනපද ඩොලර්  15 ක් වැනි අඩු මුදලක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇති ප‍්‍රතිලාභීන්ගේ ගිණුමට එදිනම බැර කෙරේ.
ඉතාලිය පෝස්ට් ඔෆ් ඉටැලියානෝ – ඉතාලියේ පිහිටි තැපැල් කාර්යාල 14,000 ක් මුදල්   යුරෝ වලින් හුවමාරු කළ යුතුවේ. ලියාපදිංචිවූ ගණුදෙනුකරුවන් සඳහා යුරෝ 2.58 ක් ලියාපදිංචි නොවු ගණුදෙනුකරුවන් සඳහා එක් ගණුදෙනුවකට යුරෝ 10.33 යුරෝජයිරෝ පද්ධතිය යටතේ ලියාපදිංචි වීම සඳහා ගාස්තුව යුරෝ 12.58 ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇති ප‍්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත එදිනම මුදල් බැර කෙරේ.
ජර්මනිය ඩොයිෂ් පෝස්ට්
ප‍්‍රංශය ල බෑන්ක් පෝස්ටේල්

දැන්ම විමසන්න

විමසීම්

අප සමග සම්බන්ධ වන්න

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
Sample Eurogiro Remittance Application form (South Korea)
අන්තර්ජාල බැංකු සේවා