ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

NSB Easy කාඩ්පත

මෙම කාඩ්පත මගින් NSB ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන් සඳහා විශේෂයෙන් ණය පහසුකම් සැපයේ. ලොව පුරා පිළිගැනීමට පාත‍්‍රවූ NSB Easy කාඩ්පත  සමගින් ඔබගේ ස්ථාවර තැන්පතු හෝ එහි පොලිය වර්ධනය කෙරෙහි කිසිදු බලපෑමකින් තොරව ඔබගේ දෛනික අවශ්‍යතා සපුරාගැනීමට ඔබට අවස්ථාව හිමිවේ. ඔබගේ මුදල් ඔබගේ ස්ථාවර තැන්පතුවේ සිර කර නොතබන්න. NSB Easy සමගින් ඔබගේ සිහින සැබෑ කරගන්න. අදමෙන් හෙටත් ජිවිතයට වඩා දීප්තිමත් කරගන්න.

NSB Easy යනු ?

NSB Easy යනු සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතයට වඩා 3% න් වැඩි වාර්ෂික සහන පොලී අනුපාතයක් යටතේ ඔබගේ ස්ථාවර තැන්පතුව මත සැපයෙන මාස්ටර් කාඩ් ණය පහසුකමකි.

ඔබ NSB Easy තෝරාගත යුත්තේ ඇයි ?

මේ සඳහා ඔබගේ වැටුප සනාථ කිරීම අවශ්‍ය නැත. අදාල ශාඛාවට පැමිණ ඔබගේ තැන්පතුව මත Easy කාඩ්පතක් අයදුම් කරන්න. එය බෙහෙවින් සරල හා පහසු සේවාවක් ඔබ වෙත පිරිනමනු ඇත. එසේම කාඩ්පත් කිහිපයක් ඔබගේ පසුම්බියේ රැගෙන යා යුතු නැත. ඔබගේ NSB Easy කාඩ්පත ඔබ ළග දැනටමත් තිබෙන NSB මාස්ටර් කාඩ්පත සමග සම්බන්ධ කරගැනීමේ හැකියාව දැන් උදාවී ඇත.

NSB Easy කාඩ්පත භාවිතා කිරිමේ ක‍්‍රමවේදය

  • තැන්පතු මුදලෙන් 80% ක උපරිමයකට යටත්ව ණය සීමාවක් සමගින් කාඩ්පත නිකුත් කෙරෙනු ඇත. කාඩ්පතක් සඳහා පිරිනැමෙන උපරිම ණය සීමාව රු.1,000,000/- කි.
  • NSB ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඇතුළු “මාස්ටර්” සලකුණ ප‍්‍රදර්ශණය කර තිබෙන ඕනෑම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇත.
  • ලොවපුරා පිළිගත් වෙළඳසැල් වලදී මාස්ටර්කාඩ් වෙතින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා භාවිතා කළ හැකිය.
  • විදේශ සංචාරයන්හිදී භාවිතා කළ හැක.

ඔබගේ තෝරාගැනීම NSB Easy විය යුත්තේ ඇයි?

  • වාර්ෂික ගාස්තු නොමැත.
  • ණය සීමාව ඉක්මවීම සඳහා ගාස්තු අය නොකෙරේ.
  • ප‍්‍රමාදවී ගෙවීම් සඳහා ගාස්තු අය නොකෙරේ.
  • මුද්දර ගාස්තු නොමැත.
  • කිසිදු අතිරේක ගාස්තුවක් හෝ අයකිරීමකින් තොරව NSB ගිණුම් 10 ක් Easy කාඩ්පත සමග සම්බන්ධ කිරීමේ හැකියාව.
  • ඔබ කැමති පරිදි ණය පියවීමේ හැකියාව.

මෙම ණය කාඩ්පත ලබාගත හැක්කේ කාටද?

ස්වයංක‍්‍රීයව තැන්පතු කල් පිරිමේ කාලසීමාව අළුත් කිරිමේ පදමන මත මාස 12 ක් හෝ වැඩි කාල සීමාවක් සඳහා (මාසික හෝ වාර්ෂික පොලී අනුපාත) NSB ස්ථාවර තැන්පතු ගිණුමක් පවත්වා ගන්නා ලද වයස අවුරුදු 16ට වැඩි තනි පුද්ගල හෝ බද්ධ ගිණුම් හිමියන්ට මේ සඳහා අයදුම් කළ හැක.

*කොන්දේසි සහිතයි.

INQUIRE NOW

Inquiries

Contact Us

අංක 100,
සර් චිත්තම්පලම් ඒ. ගාදිනර් මාවත,
කාෙළඹ 02.

011 2 334 752
manager.cardcentre@nsb.lk
අන්තර්ජාල බැංකු සේවා