ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner
ජාතික ඉතිරිකිරීමේ බැංකුව අඛණ්ඩව කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය හා එක්වෙයි.  

 

“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී.” – කුමාරතුංග මුනිදාස ශූරින්

කුමාරතුංග මුනිදාස පදනම මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය, මෙවරද කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 136 වන  ජන්මදින සමරුව වෙනුවෙන් පසුගිය දා කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් කේන්ද්‍රයේ දී පැවැත්විණි.

කුමාරතුංග මුනිදාස ශූරීන් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නොමැකෙන නාමයක් සටහන් කළ ප්‍රසිද්ධ කවියෙකු, විචාරකයෙකු, දේශ හිතෛශියෙකු මෙන්ම ලේඛකයෙකු ද විය. ඔහුගේ සේවය අගය කිරීමෙහි ලා සෑම වසරකම මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය දරුවන් වෙනුවෙන් අඛණ්ඩව පවත්වා ගෙන යනු ලැබේ. ඒ අනුව මෙහිදී 2019, 2020 වර්ෂයන්හි අ.පො.ස (සා.පෙළ) විභාගයේදී සිංහල විෂයයට ශ්‍රී ලංකාවේ ඉහළම ලකුණු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සහතිකපත්, මුදල් ත්‍යාග හා අධ්‍යාපනික උපකරණ ආදිය ප්‍රදානය කිරීම සිදුවිය.

දරුවන් යනු අප රටේ අනාගතයයි. ඔවුන්ගේ හැකියාවන් අගය කිරීම ලොකු කුඩා අප සැමගේ වගකීමකි. එම වගකීම වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලාංකීය ඉතුරුම් සන්නාමය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව අඛණ්ඩව මෙවරත් කුමාරතුංග මුනිදාස සිසුවරම ලැබූ  ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ඉතිරිකිරීමේ බැංකු ගිණුම් ප්‍රදානය සදහා එක්විය.

කුමාරතුංග මුනිදාස පදනමේ නයු ත්‍රිකුණාමලේ ආනන්ද මහා නා හිමිපාණන් ඇතුළු මහා  සංඝ රත්නය, සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, කලාකීර්තී ආචාර්ය ලීල් ගුණසේකර මහතා සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන) ගාමිණී ජයවීර මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රාශියකගේ ප්‍රදානත්වයෙන් සහ ගෙවිදු කුමාරතුංග මහතා ඇතුළු පදනමේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන්, මෙම උත්සවය පැවැත්විණි. එසේම, පසුගිය වර්ෂයන්හි මෙම ශිෂ්‍යත්වයෙන් පිදුම්ලැබූ දරුදැරියෝ ද උත්සවයට සහභාගී වී සිටියහ.

මෙවර , කුමාරතුංග මුනිදාස සිසුවරම ශිෂ්‍යත්ව ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙසේය:

2019 අ.පො.ස (සා.පෙළ)   

සනුජි බිනාරා රණවීර        – ධම්මිස්සර ජාතික පාසල, නාත්තණ්ඩිය

සුපිපි කාවින්ද්‍යා දුනුසිංහ   – රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය, මහියංගනය

2020 අ.පො.ස (සා.පෙළ)     

අබ්දුල් කාදර් සහන් නෙත්මිණ    – සහිරා විද්‍යාලය, කොළඹ

අරුන්දි නවෝදා සමරතුංග         – බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ

අම්ල්‍යා සවින්දි වීරසිංහ පතිරණ  – සුජාතා විද්‍යාලය, මාතර

සචින්තා සංදීපනී කැප්පටිපොළ  – ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල

ඕදානී ඉන්දීවරී රූපසිංහ             – මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල

 

අන්තර්ජාල බැංකු සේවා